Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කාන්තා ක්‍රිකට් පුහුණු කඳවුර අද සිට

කාන්තා ක්‍රිකට් පුහුණු කඳවුර අද සිට

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සහ අනාගත සංචාර සඳහා සූදානම් වීම අරමුණු කරගනිමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සඳහා නේවාසික පුහුණු කඳවුරක් අද (9 වැනිදා) සිට ආරම්භවේ.

ජෛව ආරක්‍ෂිත පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම කඳවුර සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ නැඟී එන කණ්ඩායම් වල ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කර තිබේ. 

මෙම කඳවුර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී (කාන්තා උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය) පැවැත්වෙන අතර කුසලතා වර්ධනය සහ ශරීර සුවතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය සහ අභ්‍යන්තර කණ්ඩායම් අතර පුහුණු තරග වලින්ද සමන්විත වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වන ක්‍රීඩිකාවන් තෝරාගෙන ඇත.

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා කටයුතු කරයි. රවීන්ද්‍ර පුෂ්පකුමාර (වේගපන්දු යැවීම), ලංකා ද සිල්වා (පන්දු රැකීම) සහ දිනුක් හෙට්ටිආරච්චි (දඟපන්දු යැවීම) යන මහත්වරු පුහුණු කාර්ය මණ්ඩලය ලෙසින් අද ආරම්භවූ නේවාසික පුහුණු වැඩසටහනට එක්ව සිටිති. 

 - 2079


අදහස් (0)

කාන්තා ක්‍රිකට් පුහුණු කඳවුර අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.