Last Update  :  2025-04-23 10:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කිංග්ස් XI පන්ජාබ් කැරිබියන් වි20 කණ්ඩායමක් මිලට ගනී

කිංග්ස් XI පන්ජාබ් කැරිබියන් වි20 කණ්ඩායමක් මිලට ගනී

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිංග්ස් XI පන්ජාබ් හි හිමිකරුවන් විසින් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිල දී ගෙන ඇති අතර එය බටහිර ඉන්දීය කොදෙව්හි විස්සයි 20 කණ්ඩායමක් මිලදී ගත් දෙවන ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම බවට පත්විය.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක ඩැරන් සැමීගේ නායකත්වයෙන් යුත් සාන්ත ලුසියා සූක්ස් කණ්ඩායම, පන්ජාබ්හි හිමිකරුවන් විසින් සඳුදා පවරා ගන්නා ලදී. 2015 දී කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරුවන් විසින් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මිලදී ගන්නා ලදී.

“ලෝකයේ වඩාත්ම සිත් ඇදගන්නාසුළු ක්‍රීඩා තරඟාවලියක් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව ලැබීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. පසුගිය වසර හත තුළ කැරිබියන් ප්‍රිමියර් ලීග්හි විචිත්‍රත්වය පිළිබඳව අප පුදුමයට පත්වුණා,”යැයි පන්ජාබ්හි සම හිමිකරු මෝහිත් බර්මන් ශාන්ත ලුසියා සූක්ස් හිදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කැරිබියන් ප්‍රිමියර් ලීග්හි අටවන සංස්කරණය අගෝස්තු 19 සිට සැප්තැම්බර් 26 දක්වා පැවැත්වේ.


අදහස් (0)

කිංග්ස් XI පන්ජාබ් කැරිබියන් වි20 කණ්ඩායමක් මිලට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.