Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ පළමු විස්සයි-20 තරගය ජය ගනිති

කොදෙව්වෝ පළමු විස්සයි-20 තරගය ජය ගනිති

editorial - 2023 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. ජේසන් හෝල්ඩර්, ඔබෙඩ් මැකොයි සහ රොමාරියෝ ශෙපර්ඩ් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහරි කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වෝ, ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්හ. එහිදී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රෝමන් පවෙල් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 48 ක් රැස්කළේය.

බ්‍රෙන්ඩන් කිං පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද, නිකලස් පූරන් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීම සඳහා පවෙල්ට අනගි සහායක් දුන්හ.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 145
(සූර්යකුමාර් යාදව් 21, තිලක් වර්මා 39, හර්දීක් පාණ්ඩ්‍යා 19, ජේසන් හෝල්ඩර් 19/2, ඔබෙඩ් මැකොයි 28/2, රොමාරියෝ ශෙපර්ඩ් 33/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 149
(බ්‍රෙන්ඩන් කිං 28, නිකලස් පූරන් 41, රෝමන් පවෙල් 48, යුස්වේන්ද්‍ර චාහල් 24/2, අර්ෂ්දීප් සිං 31/2)

-036


අදහස් (0)

කොදෙව්වෝ පළමු විස්සයි-20 තරගය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.