Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චෙන්නායි - ලක්නව් අවසන් වටයේ දොරකඩට
අයි.පී.එල්. 2023

චෙන්නායි - ලක්නව් අවසන් වටයේ දොරකඩට

editorial - 2023 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 63 ක් නිමාවට පත්වන විට චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අවසන් වටයේ දොරකඩට පැමිණ සිටිති.

අවසන් වටයට  පිවිසීම සඳහා එම කණ්ඩායම් 2 ටම අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග්‍රහණය බැගින් පමණි. කණ්ඩායම් 2ම මේ වනවිට තරග 7 බැගින් ජයගෙන ලකුණු 15 බැගින් ලබා පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිති.

නිල වශයෙන් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වූ අතර තවත් කණ්ඩායම් 3 කට ඒ සඳහා අවස්ථාව පවතී. දිල්ලි සහ හයිද්‍රාබාද් හැරුණු කොට සෙසු කණ්ඩායම් 7 ටම තවදුරටත් අවසන් වටයට පිවිසීමේ අවස්ථාව ඇති බැවින් මූලික වටයේ අවසන් තරග කිහිපය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම් තුන අතරට පැමිණීම සඳහා මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස්, කොල්කටා නයිට්රයිඩර්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් අතරද ඉතා තියුණු තරගයක් පවතී.

මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 14 ක් ලබාසිටින අතර සෙසු කණ්ඩායම් 4 ලකුණු 12 බැගින් ලබා සිටිති. මේ වනවිට තරගාවලියෙන් ඉවතට විසිවී ඇත්තේ  දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් 2 පමණි.

මූලික වටය අවසන් වීම සඳහා තවත් තරග 7 ක් ඉතිරිව ඇති අතර එම තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් වටය සුදුසුකම් ලැබීමේ තරග 2 කින්, පරාජිතයන් ඉවත් කිරීමේ තරගයකින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වේ.

-036


අදහස් (0)

චෙන්නායි - ලක්නව් අවසන් වටයේ දොරකඩට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.