Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජොස් බට්ලර්ට ඉදිරි තරග අහිමිවෙයි

ජොස් බට්ලර්ට ඉදිරි තරග අහිමිවෙයි

editorial - 2021 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ට ඉතිරි විස්සයි20 තරගය සහ එක්දින තරගාවලිය අහිමිව යන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

කාඩිෆ් හි පැවති පළමු විස්සයි20 තරගයේදී නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් එංගලන්තයට කඩුලු 8 ක ජයක් අත්කර දීමට බට්ලර් සමත්විය.

30 හැවිරිදි ඔහු තම පාදයේ මාංශපේශී හිරවන ගතියක් දැනීම හේතුවෙන් දෙවන තරගයට ක්‍රීඩා නොකලේය. පසුව බට්ලර්ව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යොමුකළ අතර එහිදී ඔහුගේ පාදයේ මසුපිඩු ඉරීයාමක් සිදුවී ඇති බව තහවුරු විය. 

ජොස් බට්ලර්ගේ ඉවත්ව යෑමත් සමගින් ඩේවිඩ් මාලන් එක්දින සංචිතයට ඇතුළත් කර තිබේ.

තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ වන විටත් එංගලන්තය 2-0 ක් ලෙස ජයගෙන ඇති අතර තෙවැනි තරගය සදම්ප්ටන් හිදී හෙට (26 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත. 

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අඟහරුවාදා (29 වැනිදා) චෙස්ටර්-ලී-ස්ටි්‍රට්හිදී ආරම්භ වේ.

 


අදහස් (0)

ජොස් බට්ලර්ට ඉදිරි තරග අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.