Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ටෙස්ට් තරග වලට මධ්‍යස්ථ විනිසුරුවන්

ටෙස්ට් තරග වලට මධ්‍යස්ථ විනිසුරුවන්

editorial - 2022 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතයේ ආරම්භයත් සමඟ රටවල් විසින් පැනවූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන ඇති බැවින් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා මධ්‍යස්ථ විනිසුරුවන් නැවත යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව තීරණය කර ඇත. 

ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා පමණක් මධ්‍යස්ථ විනිසුරුවන් භාවිතා කරන නමුත් එක්දින සහ විස්සයි20 තරග සඳහා දේශීය විනිසුරුවන් තවදුරටත් යොදා ගැනීමට අවස්ථාව හිමිවේ.

අවශ්‍යතා අනුව, 2022-23 කාල සීමාවවේදී, ටෙස්ට් තරග සඳහා මධ්‍යස්ථ නිලධාරීන් තිදෙනකු කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පවසයි. තරග තීරක, එක් පිටියේ විනිසුරුවරයකු සහ තෙවැනි විනිසුරු මධ්‍යස්ථ විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇති අතර එක් පිටියේ විනිසුරුවරයකු සහ සිව්වන විනිසුරු සඳහා දේශීය විනිසුරුවන් යොදාගනු ඇත.

කොරෝනා වසංගතයට පෙර තරඟ තීරක, පිටියේ විනිසුරුවන්, මෙන්ම තුන්වන විනිසුරු ද මධ්‍යස්ථ විය. කෙසේ වෙතත්, 2020 ජුනි මාසයේ සිට, කොරෝනා වසංගතය හේතුවෙන් පැවැති සංචරණ සීමාවන් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ද්විපාර්ශ්වික තරඟාවලි සඳහා දේශීය නිලධාරීන් යොදාගැනීමට අවසර ලබාදුන්නේය. 

 


අදහස් (0)

ටෙස්ට් තරග වලට මධ්‍යස්ථ විනිසුරුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.