Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තරග තීරක මඩුගල්ලේ

තරග තීරක මඩුගල්ලේ

editorial - 2021 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සැප්තැම්බර් 2 වැනිදා සිට ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලියේ තරග නිළධාරීන් නිවේදනය කර ඇත. ඒ අනුව එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියේදී තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියාද වන රන්ජන් මඩුගල්ලේ මහතා දැනට ලොව සිටින ජ්‍යෙෂ්ඨතම තරග තීරක වරයාද වෙයි.

දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ඒ අනුව තරගාවලියේ විනිසුරුවරුන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උසස්ම පන්තියේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතාත්, අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් පත්කර ඇත.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.

 

- 2079


අදහස් (0)

තරග තීරක මඩුගල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.