Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තිසරගේ ශතකය ශ්‍රී ලංකා ලයන්ස් දිනවයි
ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය

තිසරගේ ශතකය ශ්‍රී ලංකා ලයන්ස් දිනවයි

editorial - 2025 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිසර පෙරේරාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේදී ඇෆ්ඝනිස්ථාන පතාන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 36 කදී හයේ පහර 13 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 108 ක් රැස්කළේය. ඉන් හයේ පහර 6 ක්ම ඔහු එල්ල කළේ අවසන් ඕවරයේදී වීම කැපී පෙනුණ සිදුවීමක් විය. 

මෙවන් ප්‍රනාන්දු (70) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 155 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද තිසර සමත් විය. එහිදී පන්දු 56 කට මුහුණදුන් මෙවන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කළේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන පතාන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පන්දු යවන්නන් හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204 ක් පමණි. එහිදී විකුම් සංජය ලකුණු 32 කට කඩුලු 3 ක්ද, මාලින්ද පුෂ්පකුමාර සහ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 2 බැගින්ද දවාගත්හ. 

ඇෆ්ඝනිස්ථාන පතාන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක අස්ගර් ඇෆ්ඝන් හයේ පහර 8 ක් සමග පන්දු 31 කින් ලකුණු 70 ක් රැස්කළ අතර අයාන් ඛාන් පන්දු 38 කින් ලකුණු 52 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගිනි. 


ශ්‍රී ලංකා ලයන්ස් - ඕවර 20 කදී කඩුලු 3 කට 230 
(මෙවන් ප්‍රනාන්දු නොදැවී 81, තිසර පෙරේරා නොදැවී 108, මුනිස් අන්සාරි 40/2)

ඇෆ්ඝනිස්ථාන පතාන්ස් - ඕවර 20 කදී කඩුලු 7 කට 204 
(ශබීර් නූර් 22, අයාන් ඛාන් 52, අස්ගර් ඇෆ්ඝන් 70, අසාද් පතාන් 21, විකුම් සංජය 32/3, මාලින්ද පුෂ්පකුමාර 31/2, උපුල් ඉන්ද්‍රසිරි 38/2) 

-036 


අදහස් (0)

තිසරගේ ශතකය ශ්‍රී ලංකා ලයන්ස් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.