Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන බදාදා (25 වැනිදා) ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට එංගලන්ත පිලේ වේග පන්දු යවන මාක් වුඞ්ට සිදුවී තිබේ. දකුණු උරහිසේ ඇතිවී තිබෙන වේදනාවක් හේතුවෙන් මාක් වුඞ් තරගයෙන් ඉවත් වී තිබේ.
ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී වළක්වාගැනීමට ගත් උත්සාහයේදී මාක් වුඞ්ගේ හිස දැන්වීම් පුවරුවක වැදිණ.
තරග 5 කින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 151 කින් ජයගත් ඉන්දියාව මේ වන විට 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. මාක් වුඞ්ගේ ඉවත්වීම තරගාවලිය සමකරගැනීම සම්බන්ධයෙන් එංගලන්තය තැබූ බලාපොරොත්තු තවත් ඈතට ඇදගෙන යන්නකි.
විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් වේග පන්දු යවන්නන් රැසකගේ සේවය එංගලන්ත කණ්ඩායමට අහිමිව තිබේ. ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජොෆ්රා ආචර්, ඔලී ස්ටෝන් සහ ක්‍රිස් වෝක්ස් අතරට දැන් මාක් වුඞ්ද එක්වී සිටී. එංගලන්තයේ හොඳම ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් මානසික සෞඛ්‍ය හේතු මත කණ්ඩායමෙන් ඉවත්ව සිටී.
මෙම තත්ත්වය එංගලන්ත පිලට දරාගත නොහැකි තරමට උග්‍රවී තිබේ. ප්‍රවීනයන්ගේ අදහස් වන්නේ ක්‍රීඩකයන් පිටියේදී මීට වඩා පරෙස්සම් වියයුතු බවයි.
“ඒක මහ පිස්සුවක්”
“දැන් සිටින ක්‍රීඩකයන් පන්දුව නවත්වා ගන්න බොහෝ දැඩි උත්සාහයන් ගන්නවා තමයි. ඒක හොඳයි. අගය කළ යුතුයි. ඒත් ඉදිරිපෙළ පන්දු යවන්නකු වශයෙන් අවදානමක් ගැනීමට ඒක හේතුවක් නෙමේ” යයි එංගලන්ත පිලේ හිටපු ආරම්භක පිතිකරු ජෙෆ්රි බෝයිකොට් මහතා බ්‍රිතාන්‍යයේ ඬේලි ටෙලිග්‍රාෆ් පුවත් පතට ලියා තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.