Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දඩ කෑ තෙවැනි නායකයා ස්මිත්

දඩ කෑ තෙවැනි නායකයා ස්මිත්

editorial - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී දඩ කෑ තෙවැනි නායකයා බවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ස්ටීවන් ස්මිත් පත්විය. පසුගිය අඟහරුවාදා පැවැති තරගයේදී තරග තීරක ශක්ති සිං මහතා විසින් ස්ටීවන් ස්මිත්ට මෙම දඩය පනවන ලදී.

රාජස්ථාන් රෝයල්ස් පිල මුම්බායි ඉන්දියන්ස් පිල හමුවේ ලකුණු 57 කින් පරාජය වීමත් සමගින් මුම්බායි පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආචාරධර්ම පද්ධතිය යටතේ රාජස්ථාන් රෝයල්ස් පිල විසින් මෙම වාරයේ සිදු කරන ලද පළමු වරද මෙයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ටීවන් ස්මිත්ට ඇමරිකානු ඩොලර් 16,000 ක් හෙවත් ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය. මින් පෙර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලීට සහ දිල්ලි කැපිටල්ස් පිලේ නායක ශ්‍රියාස් අයියර්ටද මෙලෙසින්ම දඩ නියම විය.

අයි.පී.එල්. තරගාවලියේ 2008 ශූරයන් වන රාජස්ථාන් රෝයල්ස් පිලට එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එක්වුවද මෙවර තරගාවලියේදී ඔවුන් එක දිගටලද තුන්වැනි පරාජය මෙයයි.


- 2079

 


අදහස් (0)

දඩ කෑ තෙවැනි නායකයා ස්මිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.