Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩ්වේන් බ්රාවෝ (14/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හේතුවෙන් නොදන් වොරියර්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් අබුඩාබි දහයයි-10 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දිල්ලි බුල්ස් පිල සමත්විය. නොදර්න් වොරියර්ස් පිලට එරෙහිව දිල්ලි බුල්ස් පිලට කඩුලු 5 ක ජයක් ලබාගත්තේය.
නොදන් වොරියර්ස් පිල නියෝජනය කරන ධනංජය ලක්ෂාන් පන්දු 3 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 9 ක් ලබාගත් අතර පන්දු ඕවරයක් යවමින් ලකුණු 6 කට කඩුල්ලක් දවාගත් නමුත් තරගය ජයගැනීමට එය ප්‍රමාණවත් නොවිණ.
නොදන් වොරියර්ස් පිල පරාජයට පත්වුවද අවසන් මහා තරගයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවන බැවින් ඔවුන් දෙවැනි කඩයිම් තරගයට ක්‍රීඩා කරනු ඇත. ඩ්වේන් බ්රාවෝ සිය ඕවර 2 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර නයීම් යංග් සහ වකාස් මක්සූඩ් කඩුලු 2 බැගින් දවාගනිමින් දිල්ලි බුල්ස් පිලේ ජයග්‍රහණයට මාවත සකසා දුන්නෝය.
නොදන් වොරියර්ස් - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 97
(නිකොලස් පූරන් 32, ලෙන්ඩ්ල් සිමන්ස් 19, ඩ්වේන් බ්රාවෝ 14/2, නයීම් යංග් 22/2, වකාස් මක්සූඩ් 24/2)
දිල්ලි බුල්ස් - ඕවර 8.4 කදී කඩුලු 5 ක් දැවී 102
(ශෙර්ෆේන් රදර්ෆර්ඩ් 29, ජුනයිඩ් සිද්දික් 20/4, ධනංජය ලක්ෂාන් 6/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.