Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දෝනි යනවනම් මාත් යනවා

දෝනි යනවනම් මාත් යනවා

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍රසිං දෝනි ක්‍රීඩා කරන්නේ නැතිනම් යළිත් වරක් ඔහුගේ අඩිපාරේ යමින් තමන්ද තරගාවලියට එක් නොවන බව සුරේෂ් රයිනා පවසා ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව දෝනි පවසා පැය කිහිපයක් ඇතුළත සුරේෂ් රයිනාද අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව පැවසීය.

මැද පෙළ ශක්තිමත් සන්ධානයක් ගොඩනඟා ගත් දෝනි සහ රයිනා, ඉන්දියාව සහ චෙන්නායි කණ්ඩායම් දෙක වෙනුවෙන් එකට ක්‍රීඩා කිරීම වසර ගණනාවක් තිස්සේ වෙන් කළ නොහැකි විය.

මේ වනවිට 40 වන වියට පිවිස ඇති දෝනිගෙන් ඔහුගේ පන්දුවට පහර දෙන විලාශය කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින බැවින් ලබන වසරේ පැවැත්වෙන විශාල ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුගේ ක්‍රීඩා අනාගතය තීරණය වීමට ඉඩ ඇත.

“දෝනි ලබන වසරේදී අයි.පී.එල් ක්‍රීඩා කරන්නේ නැතිනම් මමත් ක්‍රීඩා කරන්නේ නෑ. 2008 සිට අපි එකට ක්‍රීඩා කර තිබෙනවා. මේ වසරේදී අපි අයි.පී.එල්. දිනුවොත් ඊළඟ වසරේදීත් ක්‍රීඩා කිරීමට මම ඔහුව කැමති කර ගන්නවා” යැයි රයිනා ප්‍රකාශ කර ඇත.

තම අයි.පී.එල් අනාගතය රඳා පවතින්නේ චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අනාගතය මත බව පුදුම සහගත ප්‍රකාශයක් පසුගියදා රයිනා විසින් ඉන්දීය රූපවාහිනි වැඩසටහනකදී කර ඇත. මෙවර අයි.පී.එල් (2021) තරගාවලියෙන් පසුව හිටපු ඉන්දීය නායකයා ආපසු නොඑන්නේ නම් තමා ක්‍රීඩාවෙන් සමුගන්නා බව එළඹෙන නොවැම්බරයේ 35 වැනි වියට පා තබන රයිනා පැවසීය.

“ලබන තරගාවලියේදී අලුත් කණ්ඩායම් දෙකක් පැමිණීමට ඉඩ ඇති නමුත් මට චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දිගටම ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. මෙම තරඟාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එවිට තත්වය කොහොමද කියලා අපි බලමු. ”

දෝනිගේ 40 වන උපන්දිනය දා සිය නායකයාට සිය උපහාරය පුද කරමින්, චෙන්නායි සුපර් කිංග්ස් සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් සමඟ ඔවුන්ගේ කාලය ගත කළ ආකාරය පිළිබඳ වීඩියෝ පටයක් රයිනා විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. දෝනි සහ රයිනා 2008 සිට චෙන්නායි සුපර් කිංග්ස් පිලට නියෝජනය කළ අතර තෙවරක් ශූරතාව දිනා දීමට දායක වූහ. චෙන්නායි සුපර් කිංග්ස් පිල අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කළ වසර දෙක හැරුණු කොට ඔවුන් සියලු තරග එකට ක්‍රීඩා කර ඇත. අයි.පී.එල්. හි වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩිකයෙක්වූ රයිනා පසුගිය වසරේ පෞද්ගලික හේතුවක් මත අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වූ අතර නැවතත් මේ වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල සමගින් නැවතත් එක්වීය.

එළඹෙන සැප්තැම්බර් මස මැද භාගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත අයි.පී.එල් තරගාවලියේ දෙවැනි අදියර සඳහා රයිනා පියාසර කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේය.

- 2079


අදහස් (0)

දෝනි යනවනම් මාත් යනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.