Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝමන් පවෙල්ගේ (නොදැවී 51) පිතිහරඹය හේතුවෙන් අබුඩාබි දහයයි-10 තරගාවලියේ සුපර් ලීග් වටයේ අඟහරුවාදා (2 වැනිදා) පැවැති තරගයකදී ඩෙකන් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 3 ක තියුණු ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය.
රෝමන් පවෙල් පන්දු පන්දු 23 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී වේගවත් ලකුණු 51 ක් රැස්කළ අතර ෆේබියන් ඇලන් ලකුණ 8 කඩුලු 2 ක්ද, ජුනයිඩ් සිද්දික් ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.
නොදර්න් වොරියර්ස් පිල නියෝජනය කරන ධනංජය ලක්ෂාන් යැවූ ඕවරයේදී ලකුණු 31 ක් උදුරා ගැනීමට ඩෙකන් ග්ලැඩියේටර්ස් පිතිකරුවෝ සමත්වූහ.
නොදර්න් වොරියර්ස් - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 143
(වසීම් මොහෙමඩ් 26, නිකොලස් පූරන් 29, රෝමන් පවෙල් නොදැවී 51, ෆේබියන් ඇලන් 22, සහූර් ඛාන් 13/1, සුනිල් නරේන් 30/1, අන්වර් අලී 39/1)
ඩෙකන් ග්ලැඩියේටර්ස් - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 140
(අසාම් ඛාන් 54, මොහොමඩ් ශසාඩ් 17, අන්වර් අලී නොදැවී 35, ෆේබියන් ඇලන් 8/2, ජුනයිඩ් සිද්දික් 16/2, වහබ් රියාස් 15/1, රයාඩ් එම්රිට් 36/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.