Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නව සමාන්‍යාධිකාරී වසිම් ඛාන්

නව සමාන්‍යාධිකාරී වසිම් ඛාන්

editorial - 2022 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්ථාන ජාතික 51 හැවිරිදි වසීම් ඛාන් මහතා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සමාන්‍යාධිකාරීවරයා (ක්‍රිකට්) ලෙස පත්කර ඇතැයි එම සභාව අද (23 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එළබෙන මැයි මාසයේ සිට ඔහු එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

මින් පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සහ එංගලන්තයේ ලීස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩා සමාජයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති ඛාන් මහතා, මෙම තනතුරට පත්කෙරුණේ ඔහුට පෙර වසර 8 ක් පුරා එම තනතුර දැරූ ජෙෆ් ඇලර්ඩිස් මහතා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස උසස්වීම් ලැබීමෙන් පසුවය.

පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොතිබුණද, පළමු පෙළ තරග 58 කදී ඉනිම් 102 ක් තුළ ශතක 5 ක් සහ අර්ධ ශතක 17 ක් සමග ලකුණු 2835 ක් රැස්කිරීමට ඛාන් මහතා සමත්වී ඇත.

“වසීම් මහතාව මම අන්තර් ජාතික ක්‍රිකට් සභාවට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉදිරි සංවර්ධන කටයුතුවලදී අපිට ඔහුගේ දැනුම හුඟක් ප්‍රයෝජනවත් වේවි.” යැයි හිටපු සමාන්‍යාධිකාරී ඇලර්ඩිස් මහතා කියා සිටියේය.

“අන්තර් ජාතික ක්‍රිකට් සභාව සමග එක්වීමට ලැබීම සම්බන්ධයෙන් මා ඉතාමත් සතුටට පත්වෙනවා. ඉක්මනින් වැඩ පටන් අරන් එහි සාමාජිකයන් සමග එක්ව මේ ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා”

“කාන්තා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාව ගැනීමට සූදානමින් සිටින ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මට හොඳ පැහැදීමක් තිබෙනවා. ඒ සියලු ක්‍රියාමාර්ග සාර්ථක ලෙස ඉදිරියට ගෙන යෑමට මම බලාපොරෝත්තු වෙනවා.” යැයි වසීම් ඛාන් මහතා පැවසීය.


-036

 


අදහස් (0)

නව සමාන්‍යාධිකාරී වසිම් ඛාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.