Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නසූම් අහ්මඩ් (19/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මිර්පූර්හිදී අද (3 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 23 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශයට හැකිවිය.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදී සඳහා බංග්ලාදේශයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 131 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
සකීබ් අල් හසන් පන්දු 33 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් සහ මොහොමඩ් නයිම් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කිරීමට සමත්වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ බංග්ලාදේශය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ. සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකළ ජොෂ් හේසල්වුඩ් කඩුලු 3 ක් සහ මිචෙල් ස්ටාර්ක් ලකුණු 33 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණි.
හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 45 කදී ලකුණු 45 ක් රැස්කළ මිචෙල් මාෂ් සුළු සාර්ථකත්වයක් පෙන්නුම් කළද සෙසු පිතිකරුවන් සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ නසූම් අහ්මඩ් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර මුස්ටෆිසූර් රහ්මන් ලකුණු 16 කට කඩුලු 2 ක් සහ ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 131
(මොහොමඩ් නයිම් 30, සකීබ් අල් හසන් 36, මහමුදුල්ලා 20, අෆීෆ් හුසේන් 23, ජොෂ් හේසල්වුඩ් 24/3, මිචෙල් ස්ටාර්ක් 33/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී සියලුදෙනා දැවී 108
(මිචෙල් මාෂ් 45, නසූම් අහ්මඩ් 19/4, මුස්ටෆිසූර් රහ්මන් 16/2, ශොරිෆුල් ඉස්ලාම් 19/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.