Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර අද (17 වැනිදා) පූනේහිදී පැවැත්වෙන තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වාා තරග 6 කට ක්‍රීඩා කර ඇති ගුජරාට් කණ්ඩායම එහිදි ලැබූ 5 වැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 51 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 94 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙය ගියේය.
ලකුණු 87 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කළ රෂීඩ් ඛාන් (40) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලර් සමත් විය. එහිදී පන්දු 40 කට මුහුණදුන් රෂීඩ් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 23 කට කඩුලු 3 ක්ද, මහීෂ් තීක්ෂණ ලකුණු 24 කට කඩුලු 2 ක්ද දවාගත් නමුත් ඔවුන්ට චෙන්නායි කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ. ක්‍රිස් ජෝඩාන් යැවූ ඕවර 3.5 දී ලකුණු 58 ක් උදුරාගත් ගුජරාට් පිතිකරුවෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් රැස්කළේය. එහිදී ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාද් පන්දු 48 කින් ලකුණු 73 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
අම්බටි රයිඩු (46) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගයික්වාද් චෙන්නායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 31 කදී වාර්තා වූ රයිඩුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 169
(රුතුරාජ් ගයික්වාද් 73, අම්බටි රයිඩු 46, ශිවම් ඩූබේ 19, රවින්ද්‍ර ජදේජා නොදැවී 22, අල්සාරි ජෝෂප් 34/2)
ගුජරාට් ලයන්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 7 කට 170
(ඩේවිඩ් මිලර් නොදැවී 94, රෂීඩ් ඛාන් 40, ඩ්වේන් බ්‍රාවෝ 23/3, මහීෂ් තීක්ෂණ 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.