Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලය සහ නෙදර්ලන්තය අතර ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී පෙරේදා (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ මැක්ස් ඕඩොව්ඩ් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක් රැස්කළ වික්‍රමජීත් සිං ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායමට නෙදර්ලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. එහිදී ටිම් ප්‍රින්ගල් සහ ලෝගන් වැන් බීක් කඩුලු 3 බැගින්ද, පෝල් වැන් මීකිරන් සහ බස් ඩි'ලීඩ් කඩුලු දෙක බැගින්ද දවාගනිමින් නේපාල ඉනිම සුනුවිසුණු කර දැමූහ.
නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රෝහිත් පෞඩෙල් පන්දු 37 කදී ලකුණු 35 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. කෙසේ වුවත් පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම නේපාල කණ්ඩායමට විශාල පාඩුවක් විය.
නේපාලය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 106
(රෝහිත් පෞඩෙල් 35, කේ.සී. කරන් 17, ගුල්සන් ජේ 14, ලෝගන් වැන් බීක් 18/3, ටිම් ප්‍රින්ගල් 20/3, පෝල් වැන් මිකෙරන් 19/2, බස් ඩි' ලීඩ් 22/2)
නෙදර්ලන්තය - ඕවර 18.4 කඩුලු 4 ක් දැවී 109
(මැක්ස් ඕඩොව්ඩ් 54, වික්‍රම්ජීත් සිං 22, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් 14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.