Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆේබියන් ඇලන්ගේ (13/4) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ අබුඩාබි පිල එරෙහිව පැවැති දෙවැනි කඩයිම් තරගයෙන් ජයගත් නොදර්න් වොරියර්ස් පිල අබුඩාබි දහයයි-10 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්විය.
මෙම තරගයේදී නොදර්න් වොරියර්ස් පිලට කඩුලු 7 ක ජයක් හිමිවිය.
නොදර්න් වොරියර්ස් පිල නියෝජනය කරන ධනංජය ලක්ෂාන් ඕවරයක් යවමින් ලකුණු 7 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 27 කදී හයේ පහර සහ හතරේ පහර 3 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 46 ක් ලබාගත් අතර රෝමන් පවෙල් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 49 ක් ලබාගත්තේය.
ටීම් අබුඩාබි - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 114
(පෝල් ස්ටර්ලිං 48, ජෝ ක්ලාක් 16, ජේමී ඕවර්ටන් 15, ෆේබියන් ඇලන් 13/4, ධනංජය ලක්ෂාන් 7/1, ජුනයිඩ් සිද්දික් 24/1, රයඩ් එම්රිත් 34/1)
නොදර්න් වොරියර්ස් - ඕවර 9.4 කදී කඩුලු 3 ක් දැවී 115
(ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 46, රෝමන් පවෙල් 49, නවීන් උල් හක් 21/1, ඔබෙඩ් මැකෝයි 22/1, රොහාන් මුස්තාෆා 25/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.