Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ප්‍රකම්පනය වූ ෆෆ් ගෙදර යයි

ප්‍රකම්පනය වූ ෆෆ් ගෙදර යයි

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසි පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලිය අතහැර නැවතත් සිය රට බලා ගියේය. පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටින ඩු’ප්ලෙසි පසුගිය සෙනසුරාදා පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව අබුඩාබිහිදී පැවැති තරගයේදී ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු රකිමින් සිටියදී මෙම අනතුරකට ලක්විය. 

පන්දුවට පහරදෙමින් සිටි පෙෂාවර් සල්මි පිලේ 7 වැනි ඕවරයේදී ෆෆ් ඩු ප්ලෙසිස් හතරේ පහරක් නැවැත්වීමට උත්සහ කිරීමේදී තම කණ්ඩායමේ තවත් සගයෙකු වූ පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හස්නේන්ගේ දණහිසෙහි ඔහුගේ හිස වැදී තිබේ.

එම අවස්ථාවේදීම ඇතිවූ ප්‍රකම්පනය හේතුවෙන් ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ඔහුව රෝහල් ගත කරන ලදී. අනතුරෙන් පසුව තමාට යම් ප්‍රමාණයක මතකය අහිමි වී ඇති නමුත් නැවත යථාතත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව 36 හැවිරිදි ඩු ප්ලෙසිස් පසුගිය ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

අනතුරෙන් පසුව ඔහු තවදුරටත් තරගාවලියට ක්‍රීඩා නොකරන බව ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (16 වැනිදා) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. 

“ඔහු නැවත දකුණු අප්‍රිකාවට පියාසර කරනවා”

“ඔහුට අපි සුබ පතනවා. ඔහු හැකි ඉක්මනින් නැවතත් ක්‍රීඩා කිරීමට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යයි ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ට්විටර් පණිවුඩයේ දැක්විණ. 

- 2079

 


අදහස් (0)

ප්‍රකම්පනය වූ ෆෆ් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.