Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ප්‍රධාන පුහුණුකරු අවිනිශ්චිත අඩවියක
නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය

ප්‍රධාන පුහුණුකරු අවිනිශ්චිත අඩවියක

editorial - 2024 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලන්ඩන් නුවර ‘කියා’ ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයත් අතර ඇත්තේ හරියටම සතියකි. වෙනත් විදියකින් කියන්නේ නම් දවස් 7 කි. එහෙත් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා කවුරුන්ද යන්න තවමත් සොයාගෙන නැත.

ජූනි මස අගදී හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ් මහතාගේ ඉවත්වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (විස්සයි-20 තරග 3 සහ එක්දින තරග 3 යි) සහ එංගලන්ත සංචාරය සඳහා තාවකාලිකව වගකීම බාරගත් සනත් ජයසූරිය මහතා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටී. 

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙක පමණක් නොව, ඔක්තෝබරයේ සිට දෙසැම්බරය අවසානය දක්වා තවත් එක්දින තරග 6 කට සහ විස්සයි-20 තරග 6 කටත්, දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකටත් මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයි. මෙම තත්ත්වය අනුව දැනට ලැබෙන ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදීත් සනත් ජයසූරියටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට කරගහන්නට සිදුවන බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකරුවා සම්බන්ධයෙන් තවමත් ස්ථාවර තීරණයක් ගෙන නැති බවයි. 

සනත් ජයසූරිය මහතාගේ ප්‍රධාන වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීම නොවේ. 

පසුගිය දෙසැම්බරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන උපදේශකවරයා ලෙසින් පත්කරන ලද ජයසූරිය මහතාගේ වගකීම වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ කටයුතු සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමයි.

උසස් දස්කම් මධ්‍යස්ථානය වෙත යොමුකෙරෙන ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේත් කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්‍ෂණික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමත් ජයසූරිය මහතාගේ ප්‍රධාන කාර්යභාරයයි. 


අදහස් (1)

ප්‍රධාන පුහුණුකරු අවිනිශ්චිත අඩවියක
  • Nalin Sunday, 08 September 2024 09:05 AM

    අනේ පිං සිද්ද වෙයී.. මංඩලේ අය අයින් වෙන්නකෝ. පේරෙතයින් වගේ ඕක කන්නේ නැතිව. ඔබලා කරපු හරිය හොඳටම ඇති... පෙරේත හැත්ත...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.