Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස බ්‍රෙට් හැරොප් මහතා පත්කර ඇත. ඒ අනුව පසුගිය මැයි 21 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා ඔහුගේ පත්වීම වලංගුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් සම්බන්ධ වීමට පෙර බ්‍රෙට් හැරොප් මහතා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙසද කටයුතු කර ඇත. ඊට අමතරව ඔහු බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ඉහළ කාර්ය සාධන පුනරුත්ථාපන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබේ.
ඕස්ටේ්‍රලියාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බ්‍රෙට් මහතා, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කිංග්ස් ඞෂ පන්ජාබ් පිලෙහි ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන්ම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදීද ඔහු ලාහෝර් කොලැන්ඩර්ස් පිලේද ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර ඇත.
ඕස්ටේ්‍රලියාවේ ඊඩිත් කෝවන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යායාම විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති හැරොප් මහතා, මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩාවේ භෞතචිකිත්සකවේදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබගෙන ඇත.
ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එංගලන්ත සංචාරය සඳහා ජාතික කණ්ඩායමට එක්වීමට පෙර අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් ගත කළ යුතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ඔහුගේ පළමු පැවරුම වනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.