Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 4 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට සංචාරක පාකිස්තානු කණ්ඩායම සමත්විය. ගයානාහිදී ඊයේ (3 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
කාසිවේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 3 ක් අවසානයේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. නියමිත කාළය අවසන් වන තෙක් වර්ෂාවේ අඩුවක් නොවීම නිසා තරගය අතහැර දැමීමට සිදුවිය.
තරගය නතර කරවිට බටහිර ඉන්දීය කොදෙව් පිල කිසිවකු නොදැවී ලකුණු 30 ක් රැස්කර සිටියේය. ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 17 ක් ලබාසිටි අතර ක්‍රිස් ගේල් පන්දු 6 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 12 ක් ලබාසිටියේය.
පළමු සහ තෙවැනි විස්සයි20 තරග දෙකද වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර දෙවැනි තරගය පාකිස්තානය ජයගත් නිසා තරගාවලියේ ජය පාකිස්තානයට හිමිවිය.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 3 කදී කිසිවකු නොදැවී 30
(ඇන්ඩෘ ෆ්ලෙචර් නොදැවී 17, ක්‍රිස් ගේල් නොදැවී 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.