Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානය දෙවැනි තරගයත් ජයගනී

පාකිස්තානය දෙවැනි තරගයත් ජයගනී

editorial - 2024 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හිදී ඊයේ (19 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 81 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමටද පාකිස්ථානයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 330 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 43.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 248 ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 74 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 97 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
 
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් අෆ්රිඩි ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නසීම් ෂා ලකුණු 37 කට කඩුලු 3 ක්ද, අබ්‍රාර් අහමඩ් ලකුණු 48 කට කඩුලු 2 ක්ද බිඳහෙළුෑහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 49.5 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 329 ක් ලබාගත් අතර එහිදී බාබර් අසාම් (73), නායක මොහොමඩ් රිස්වාන් (80) සහ කම්රාන් ගුලාම් (63) අර්ධ ශතක ලබාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ ගුලාම්, පන්දු 32 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සැරසුවේය.
 
දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 142 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අසාම් සහ රිස්වාන් සමත් වූ අතර පන්දු 95 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිමට හතරේ පහර 7 ක්ද, පන්දු 82 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් විය. එහිදී ක්වේනා මපකා ලකුණු 72 කට කඩුලු 4 ක් බිඳහෙළීය. 


පාකිස්තානය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 329 
(සයිම් අයුබ් 25, බාබාර් අසාම් 73, මොහොමඩ් රිස්වාන් 80, ආඝා සල්මාන් 33, කම්රාන් ගුලාම් 63, ක්වේනා මපකා 72/4, මාකෝ ජැන්සන් 71/3) 

දකුණු අප්‍රිකාව - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 248  
(ටෝනි ඩි’ සෝර්සි 34, රයන් රිකෙල්ටන් 23, ඒඩ්න් මාක්‍රම් 21, හෙන්රිච් ක්ලාසන් 97, ඩේවිඩ් මිලර් 29, ශහීන් අෆ්රිඩි 47/4, නසීම් ෂා 37/3, අබ්‍රාර් අහමඩ් 48/2) 

-036 


අදහස් (0)

පාකිස්තානය දෙවැනි තරගයත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.