Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානුවෝ තරගයේ පාලන අතට ගනිති
මුල්තාන් ටෙස්ට් තරගය

පාකිස්තානුවෝ තරගයේ පාලන අතට ගනිති

editorial - 2024 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක ශාන් මසූඩ් (151) සහ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් (102) ලබාගත් ශතක හේතුවෙන් කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 328 ක් ලබාගත් පාකිස්තානුවෝ එංගලන්තයට එරෙහිව මුල්තාන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම තරගයේ පාලනය සියතට ගත්හ. තරගයේ පළමු දිනය වූ අද (07 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සවුද් ශකීල් (නොදැවී 35) සහ මුරකරු පිතිකරු නසීම් ශා (නොදැවී 00) පිටියේ රැඳී සිටියහ. 

ශාන් මසූඩ් ලබාගත් ශතකය ඔහු වසර 4 කින් මෙපිට ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකයයි. පළමු කඩුල්ල ලකුණු 08 දී බිඳ වැටුණ නමුත් සවුද් ශකීල් සමගින් එක්වූ නායකයා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 253 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවීය. කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානු නායකයා තමන්ගේ තීරණයේ වාසිය කදිම සනාථ කළේය. 

මුල්තාන් නුවර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එංගලන්ත පන්දු යවන්නෝ මහත් වෙහෙසට පත්ව සිටියහ. ගස් ඇට්කින්සන් (70/2) සාර්ථක වූ එකම පන්දු යවන්නා විය. ජැක් ලීච් සහ ක්‍රිස් වෝක්ස් දෙදෙනාත් කඩුල්ලක් බැගින් දවාගත් නමුත් ඔවුන් දෙදෙනාගෙන් පාකිස්තානු පිතිකරුවන් ලකුණ 119 ක් උදුරාගෙන  තිබිණ. 

ශාන් මසූඩ් ලකුණු 16 දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බව විනිසුරු කුමාර් ධර්මසේන මහතා තීරණය කළ නමුත් විතීවි ක්‍රමවේදය නිසා ශාන් මසූඩ් කඩුල්ල රැකගත්තේය. රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් දිස්වූයේ වේග පන්දු යවන බ්‍රයිඩන් කාර්ස්ගේ පන්දුව පා ඉන්නෙන් ඉවත පතිත වූ බවයි. ක්‍රිකට් නීති පොතට අනුව එවැනි පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ තීන්දුවක් ගත නොහැකිය. 

අබ්දුල්ලා ශෆීක් ද ලකුණු 34 දී පහසුවෙන්ම දුවද්දී දවාගත හැකිව තිබුණ නමුත් ඔලී පෝප් දමා ගැසූ පන්දුව කඩුල්ලෙන් ඉවතට ඇදී ගියේය.
 
බෙන් ස්ටෝක්ස් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔලී පෝප් එංගලන්ත කණ්ඩායම මෙහෙයවයි. 


පාකිස්තානය පළමු ඉනිම - කඩුලු 4 ට 328 යි
(අබ්දුල්ලා ශෆීක් 102, ශාන් මසූඩ් 151, බාබර් අසාම් 30, සවුද් ශකීල් නොදැවී 35, ගස් ඇට්කින්සන් 70/2)

- 213


අදහස් (0)

පාකිස්තානුවෝ තරගයේ පාලන අතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.