Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පිතිකරුවෝ හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

පිතිකරුවෝ හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඒඩ්න් මාක්‍රම් (නොදැවී 41) ඇතුළු පිතිකරුවන්ගේ  දක්ෂතාව හේතුවෙන් පංජාබ් කිංග්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (17 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 28 වැනි තරගය කඩුලු 7 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 18.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ලකුණු 77 කට කඩුලු 7 ක් දැවී තිබියදී සිව්වැනි කඩුල්ල සඳහා එක්වූ ඒඩ්න් මාක්‍රම් සහ නිකලස් පූරන් පන්දු 50 කදී ලකුණු 75 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ඒඩ්න් මාක්‍රම් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් ලබාගත් අතර නිකලස් පූරන් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 35 ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව අභිෂේක් ෂර්මා පන්දු 25 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ද, රාහුල් ත්‍රීපාතී පන්දු 22 කදි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් ද ලබාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ජයග්‍රහණයට දායක විය.

කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් පිල ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 151 ක් රැස්කිරීමට සමත්විය.

සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් අවසන් පන්දු 9 තුලදී කඩුලු 5 ක් අහිමිකරගත් පංජාබ් කිංග්ස් පිලට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

අවසන් ඕවරය යැවූ උම්රන් මලික් කිසිදු ලකුණක් ලබානොදෙමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය. ඒ අනුව අයි.පී.එල් ඉතිහාසයේ අවසන් ඕවරයේදී ලකුණක් ලබානොදුන් සිව්වැනි අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට ගියේය.

ලකුණු 61 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී 5 වැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පංජාබ් කිංග්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට ලයම් ලිවිංග්ස්ටන් සහ ශාරුක් ඛාන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ලයම් ලිවිංග්ස්ටන් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් ලබාගත් අතර ශාරුක් ඛාන් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් ලබාගත්තේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ උම්රන් මලික් සිය ඕවර 4 ලකුණු 28 කට සීමා කරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 4 ක් දවාගත්තේය. ඔහුට අනගි සහයක් ලබාදුන් බුවනේෂ්වර් කුමාර් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

උම්රන් මලික් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.


පංජාබ් කිංග්ස් - ඕවර 20 කදී සියලුදෙනා දැවී 151
(ලයම් ලිවිංග්ස්ටන් 60, ශාරුක් ඛාන් 26, උම්රන් මලික් 28/4, බුවනේෂ්වර් කුමාර් 22/3)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 152
(අභිෂේක් ෂර්මා 31, රාහුල් ත්‍රීපාතී 34, ඒඩ්න් මාක්‍රම් නොදැවී 41, නිකලස් පූරන් නොදැවී 35)

 

 

- 2079

 


අදහස් (0)

පිතිකරුවෝ හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.