Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය 37 වැනි උපන්දිනය යෙදී තිබූ බදාදා (7 වැනිදා) දිනයේදී අයි.පී.එල් ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසුකළ 5 වැනි පන්දු යවන්නා බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඞ්වේන් බ්‍රාවෝ සමත්විය. නමුත් කෝලකටා නයිට් රයිඩර්ස් පිල හමුවේ බදාදා පැවැති තරගය ලකුණු 10 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජයට පත්විය.
කෝලකටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගැනීමට බ්‍රාවෝ සමත්වූ අතර ඔහුගේ තෙවැනි කඩුල්ල ලෙස ශිවම් මාවී දවාගැනීමත් සමගින් කඩුලු 150 ලබාගැනීමට ඔහුට අවස්ථාව උදාවිය.
“මගේ වයසේදී සියලුම තරග ක්‍රීඩා කිරීම තේරුමක් නැහැ. මට අවස්ථාව ලැබුණු විට මම හොඳින් ක්‍රීඩා කිරීමට ආපසු එනවා” යැයි මෙම වාරයේ තෙවැනි තරගයට සහභාගිවූ බ්‍රාවෝ පැවසුවේය.
කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ටි්‍රන්බාගෝ නයිට්ස් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ බ්‍රාවෝ විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්විය.
බ්‍රවෝට පෙර අයි.පී.එල්. කඩුලු 150 සීමාව පසුකිරීමට ලසිත් මාලිංග, අමිත් මිෂ්රා, පියුෂ් චව්ලා සහ හර්බංජන් සිං සමත්වූහ. පෞද්ලික හේතුමත ලසිත් මාලිංග සහ හර්බංජන් සිං තරගාවලිය ආරම්භයට පෙරම තරගාවලියෙන් ඉවත් වූහ. මෙවර තරගාවලියේ තරග 3 කට පමණක් ක්‍රීඩාකළ අමිත් මිෂ්රා ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්විය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.