Last Update  :  2025-03-16 17:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International යොවුන් කාන්තාවෝ පකිස්තානය පරදවති

යොවුන් කාන්තාවෝ පකිස්තානය පරදවති

editorial - 2024 ජන මස 31 100 Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් කාන්තා විස්සයි-20 තරගාවලියේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම විසින් පාකිස්තානු යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 31 කින් පරාජය කරන ලදි. 

දෙවැනි ඕවරයේදීම පිටියට පිවිසි විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා යොවුන් ඉනිම අවසන් වන තුරුම පිටියේ සිටිමින් නොදැවී ලකුණු 71 ක් ලබාගත්තාය. පන්දු 55 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සිය ඉනිමට ඇතුළත් කළ විශ්මි, තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මාන දිනාගත්තාය. 

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල යොවුන් කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලිය බංග්ලාදේශයේ කොක්ස් බසාර් නගරයේදී පැවැත්වෙයි. 


ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 2 ට 134 යි
(නෙත්මි සේනාරත්න 35, විශ්මි ගුණරත්න නොදැවී 71, මනුදි නානායක්කාර නොදැවී 17)

පාකිස්තානු යොවුන් කාන්තාවෝ  - ඕවර 20 කදී කඩුලු 4 ට 103 යි
(අයිමන් ෆාතිමා 38, සාමියා අෆ්සාර් 26, කොමාල් ඛාන් 17, රශ්මිකා සෙව්වන්දි 16/2)

- 213


අදහස් (0)

යොවුන් කාන්තාවෝ පකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.