Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රාජස්ථාන් පිල පෙරමුණට එයි

රාජස්ථාන් පිල පෙරමුණට එයි

editorial - 2022 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 34 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10 ක් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති රාජස්ථාන් කණ්ඩායම ඉන් තරග 5 ක් ජයගෙන තරග 2 ක් පරාජය වී ඇත.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (22 වැනිදා) මුම්බායිහිදී පැවැති තරගයෙදී ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමත් සමග රාජස්ථාන් කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය.

මෙවර තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමද, තරග 5 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ලකුණු 10 ක් ලබා සිටියි. කෙසේ වුවත් දල ලකුණු වේගය අනුව ගුජරාට් කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමද තරග 5 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 10 ක් ලබා දල ලකුණු සංඛ්‍යාව අනුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් පිළිවෙලින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.


 

-036

 


අදහස් (0)

රාජස්ථාන් පිල පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.