Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායිකා ලෝරා වූල්වාර්ද් අද සිය 26 වැනි උපන්දිනය සැමරුවාය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ පූර්ව පුවත් පත් සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රීඩාංගණයේදී පැවැති ‘සර්වෝ’ කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගි වූ ලෝරා ඉන් අනතුරුව සිය උපන් දිනය වෙනුවෙන්ම නිමැවූ කේක් ගෙඩියක් කපා පැමිණ සිටි අයට සංග්‍රහ කළාය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් කාන්තා ටෙස්ට් තරග 4 කට, එක්දින තරග 101 කට සහ විස්සයි-20 තරග 80 කට ක්‍රීඩා කර ඇති ලෝරා වූල්වාර්ද් එම ආකෘති තුනේදීම රැස්කරගෙන ඇති අන්තර්ජාතික ලකුණු සංඛ්‍යාව 6593 කි. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේදීම ශතක ලබා ඇති දකුණත් පිතිකාරිණිය, එක්දින ශතක 8 ක හිමිකාරිණියකි.
යන්තම් වයස අවුරුදු හතරේදී කුඩා පිරිමි ළමුන් සමගින් ක්‍රිකට් ක්‍රීඩා කළ ලෝරා, ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ගුජරාට් ටයිටන්ස් පිලද, කාන්තා බිග් බෑෂ් තරගාවලියේදී ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිලට ද ක්‍රීඩා කරන්නීය. එමෙන්ම එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ් තරගාවලිවේදී සදර්න් බ්‍රේව් කණ්ඩායම නියෝජනය කරන්නීය.
වසර 2016 දී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එක්වූ ලෝරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවක් වුවද බෙහෙවින් සබකෝල ගති ඇති ක්‍රීඩිකාවකි. අය කොතෙක් දුරට ලැජ්ජාශීලී තැනැත්තියකද යත් වරක් තමා ඉගෙනීමට ගිය ටයිප් කිරීමේ පාඨමාලාව අතහැර දමා ගියේ එහි තිබූ වාතාවරණය ඇයට දරාගත නොහැකි වූ බැවිනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.