Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
එංගලන්ත කණ්ඩායමම එක්වී ගැසූ හයේ පහර සංඛ්‍යාව මෙන් හතර ගුණයක් හයේ පහරවලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළ එවින් ලුවිස් (94) ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී කොදෙව් පිල කඩුලු 8 ක ජයක් කරා කැඳවාගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ඕවර 45.1 කදී ලකුණු 209 කට දැවී ගියේය. වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව කොදෙව් පිලේ ඉලක්කය ඕවර 35 කදී ලකුණු 157 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. එවින් ලුවිස්ගේ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නිසා ඕවර 25.5 කදී කඩුලු 2 කට ලකුණු 157 ක් ලබාගත් කොදෙව්වෝ කඩුලු 8 ක ජයක් අත්කර ගනිමින් 1-0 ක් ලෙසින් එක්දින තරගාවලියේ පෙරමුණ ගත්හ.
එංගලන්තය සහ කොදෙව් පිල අතර පැවැත්වෙන මෙම එක්දින තරගවලිය තරග 3 කින් සමන්විත වෙයි.
එංගලන්ත එක්දින කණ්ඩායමේ තාවකාළික නායකයා වන ලයාම් ලිවිංග්ස්ටන් පමණක් හයේ පහර දෙකක් ගැසීය. කොදෙව් පිලට ජයටැඹ කරා යාමට මාවත සකස් කරමින් පන්දු 69 කින් ලකුණු 94 ක් ලබාගත් එවින් ලුවිස්ගේ ඉනිම හයේ හතරේ පහර 5 කින් සහ හයේ පහර 8 කින් සමන්විත විය. එහෙත් ජයටැඹට ලකුණු 13 ක් මෑතින් සිටියදී ලුවිස් දැවී ගියේය.
වසර තුනකට පමණ පසුව එවින් ලුවිස් නැවතත් කොදෙව් පිලට එක්වූයේ පසුගිය සතියේදී නිමාවූ ශ්‍රී ලංකා සංචාරයේදීය. ශ්‍රී ලංකාවේදී කදිම පුනරාගමනයක යෙදුණු ලුවිස්, පල්ලෙකැළේදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 102 ක් ලබාගනිමින් කොදෙව් පිල ජයග්‍රහණය කරා ගෙනගිය අතර ඊයේත් ලකුණු 94 ක් ලබාගත්තේය.
එංගලන්තය වෙනුවෙන් එක්දින කෝඩුකාරයෝ සිව් දෙනෙක් මෙම තරගයට සහභාගි වූහ. ජැමී ඕවර්ටන්, ජෝර්ඩ්න් කොක්ස්, ජෝන් ටර්නර් සහ ඩෑන් මෝස්ලි එම සිව්දෙනා වෙති.
එංගලන්තයේ ලකුණු සංඛ්‍යාව එක්දින තරගයක් සඳහා කොහෙත්ම ප්‍රමාණවත් නොවූවත් පිතිකරුවන්ට ඉතාමත් අසීරු තණතීරුවකදී යන්තම් හෝ සාර්ථකත්වයට පත් එකම පිතිකරුවා වූ ලයාම් ලිවිංග්ස්ටන් පන්දු 49 කින් ලකුණු 48 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාවේදී ලද සාර්ථකත්වය සිය මව්බිමටත් ගෙන ගිය වමත් දඟ පන්දු යවන්නා ගුඩාකේෂ් මෝති ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගත්තේය.
වර්ෂාවෙන් පසුව කොදෙව් ඉනිම දිගහැරෙන විට තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය මට්ටමක තිබිණ. පල්ලෙකැළේදී පැවැති තුන්වැනි එක්දින තරගයේදී සිදුවූයේත් එයමය.
එංගලන්තය සහ කොදෙව් පිලට අතර දැන් පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පසුව තරග 5 කින් යුත් විස්සයි-20 තරගාවලියක් ද ආරම්භ වේ.
එංගලන්තය - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 209 යි
(පිල් සෝල්ට් 18, විල් ජැක්ස් 19, ජෝර්ඩ්න් කොක්ස් 17, ජේකබ් බෙතල් 27, ලයාම් ලිවිංග්ස්ටන් 48, සෑම් කරන් 37, අදිල් රෂීඩ් 15, මැතිව් ෆෝර්ඩ් 48/2, ජේඩ්න් සීල්ස් 22/2, අල්සාරි ජෝෂප් 46/2, ගුඩාකේෂ් මෝති 41/4)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 25.5 කදී කඩුලු 2 ක් දැවී 157 යි
(බ්‍රැන්ඩන් කිං 30, එවින් ලුවිස් 94, කේසි කාටි නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.