Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එවින් ලුවිස් (නොදැවී 48) සහ රවී බොපාරාගේ (නොදැවී 37) ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ අබුඩායි දහයයි-10 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු කණ්ඩායම තෝරාගනු ලබන කඩයිම් තරගයට දිල්ලි බුල්ස් කණ්ඩායම පිවිසියේය.
මෙම තරගය පැවැත්වීමට පෙර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටි දිල්ලි බුල්ස් පිල තරගය ජය ගැනීමත් සමගින් ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර කොලැන්ඩර්ස් පිල තෙවැනි ස්ථානය දක්වා පහත වැටුණි. ඒ අනුව කොලැන්ඩර්ස් පිලට පළමු කඩයිම් තරගයට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.
එවින් ලුවිස් පන්දු 18 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් ලබාගත් අතර රවී බොපාරා පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් ලබාගත්තේය.
කොලැන්ඩර්ස් - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 107
(ටොම් බැන්ටන් 26, ක්‍රිස් ජෝර්ඩ්න් 18, සමිත් පතෙල් නොදැවී 18, ෆිඩෙල් එඩ්වඩ්ස් 25/2, ඩ්වේන් බ්‍රාවෝ 18/1, නයීම් යංග් 18/1, ශිරාස් අහ්මඩ් 27/1)
දිල්ලි බුල්ස් - ඕවර 7.2 කදී කඩුල්ලක් දැවී 111
(රහ්මනුල්ලා ගුර්බාස් 17, එවින් ලුවිස් නොදැවී 48, රවී බොපාරා නොදැවී 37, අහ්මඩ් ඩැනියෙල් 31/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.