Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති තනතුර සඳහා නිර්දේශ වී තිබේ. ඔහුගේ නාම යෝජනාව සම්බන්ධයෙන් කිසිදු අභියෝගයක් ඉදිරිපත්ව නැති අතර ජේ ෂා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් 2024 දෙසැම්බර් 24 වැනිදා වැඩ බාර ගැනීමට නියමිතය.
වසර 2019 ඔක්තෝබර් මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරන ජේ ෂා මහතා 2021 ජනවාරියේ සිට ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තනතුර හොබවයි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වත්මන් සභාපති, නවසීලන්ත ජාතික, ග්‍රෙග් බාක්ලේ මහතා තුන්වැනි ධූරකාලය වෙනුවෙන් ඉදිරිපත් නොවීම නිසා එම තනතුරට ඉදිරිපත් වූයේ ජේ ෂා මහතාගේ නම පමණි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති තනතුරට නිතරඟයෙන් පත්වීමෙන් පසුව ජේ ෂා මහතා කියා සිටියේ ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ජනප්‍රිය කිරීමට තමන් උපරිම උත්සාහය දරන බවයි. වසර 2028 ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීම ඒ සඳහා තිබෙන හොඳම අවස්ථාව බවද ජේ ෂා මහතා පැවසීය.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති තනතුරට යෝජනාවීම ගැන මට දැනෙන්නේ නිහතමානී සතුටක්. ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ගෝලීයකරණය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සේවක මඬුල්ල වගේම අපගේ සාමාජික රටවල් සමග සමීපව කටයුතු කිරීමත් මගේ අභිලාෂයයි”
“දැන් අප ඉන්නේ තීරණාත්මක මංසන්ධියක. ටෙස්ට්, එක්දින වගේම විස්සයි-20 තරගවලත් ඒකාකාරී පැවැත්ම පිළිබඳ කිසියම් සමබරතාවක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ එක්කම, නවීන තාක්ෂණය තව තවත් ක්‍රීඩාවට හඳුන්වා දෙන්නත් ඕනේ. ඒ කරුණු දෙකම සාක්ෂාත් කරගන්න ගමන් අපගේ ප්‍රධාන ඉසව් (ටෙස්ට් ලෝක ශූරතාවලිය, එක්දින ලෝක කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන) ලෝක වෙළෙඳපොලට හඳුන්වා දෙන්නත් ඕනේ”
“අපේ ඉලක්කය වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙන කවරදාකවත් නොතිබූ තරම් ජනප්‍රිය කිරීමයි” යයි ද ජේ ෂා මහතා පැවසීය.
- 213
Prabha Wednesday, 28 August 2024 03:53 PM
ක්‍රිකට් වල මළගම
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.