Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වනිඳු සූදානම්

වනිඳු සූදානම්

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සය-20 තරගාවලිය ආරම්භ කරමින් අද (25 වැනිදා) පැවැත්වෙන පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට තරම් වනිඳු හසරංග සුවය ලබා ඇතැයි වාර්තා වේ.

විස්සයි-20 පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තුන්වැනි ස්ථානයේ සිටින වනිඳු හසරංග, මේ දක්වා විස්සයි-20 අන්තර්ජාතික තරග 19 කදී කඩුලු 26 ක් දවාගෙන ඇත්තේ එකකට ලකුණු 15.76 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

එක්දින තරගාවලියේදී සාර්ථකම පන්දු යවන්නා වූ නමුත් ඉකිලියේ ආබාධයක් හේතුවෙන් වනිඳු සිකුරාදා (23 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා නොකළේය.

කෙසේ වෙතත් අද තරගය සඳහා භානුක රාජපක්‍ෂ ක්‍රීඩා නොකරන අතර ඔහුගේ ස්ථානය අශේන් බණ්ඩාරට හිමිවනු ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගය අද රාත්‍රී 8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

- 213

 


අදහස් (1)

වනිඳු සූදානම්
  • විජේ Monday, 26 July 2021 09:55 PM

    "වනිදු පුතාගේ අපල දුරුවේවා!!!"

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.