Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ නායක රෝහිත් ෂර්මා සහ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා, නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් සහ දකුණු අප්‍රිකානු නායිකා ඩේන් වැන් නීකර්ක් ලොව ප්‍රමුඛතම ක්‍රිකට් සඟරාවක් වන විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම් කළ වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනා අතරට තෝරාගනු ලැබ සිටිති.
එංගලන්ත කණ්ඩයමේ හිටපු නායක ජෝ රූට් ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇති අතර දකුණු අප්‍රිකාවේ ලිසෙල් ලී ලොව ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. පාකිස්තාන පිතිකරු මොහොමඩ් රිස්වාන් ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.
රෝහිත් ටෙස්ට් තරග හතරකදී ලකුණු 368 ක් රැස්කරමින් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 52.57 ක් රඳවා ගනිමින් ඉන්දියාව වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළේය. ඕවල් ක්‍රීඩාංගණයේදී ලබාගත් ලකුණු 127 රෝහිත් ෂර්මා මව්බිමෙන් පිටතදී ලබාගත් පළමු ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
බුම්රා පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ පැවැති එංගලන්ත සංචාරයේදී ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. ලෝඩ්ස් පිටියේදී ඉන්දියානුවන් ලබාගත් ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය සඳහා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දායක වූ බුම්රා ඕවල් ක්‍රීඩාංගණයේදී කළ සුවිශේෂී පන්දු යැවීම හමුවේ තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමටද ඉන්දියාවට හැකිවිය. දෙරට අතර පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුරු කොරෝනා වයිරසයේ බලපෑමෙන් 5 වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ වසර දක්වා කල් දැමීමට සිදුවූ අතර එම තරගය ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉන්දියාව 2-1ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේය.
එංගලන්තයේදී මංගල ටෙස්ට් තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා ලෙස කොන්වේ ඉතිහාසයට එක්විය. මේ වනවිට 29 හැවිරිදි වියෙහි පසුවන ඔහු එජ්බැස්ටන්හිදී ලකුණු 80 ක් ලබා ගනිමින් වසර 22 කට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයග්‍රහණයක් සඳහා නවසීලන්ත කණ්ඩායම රැගෙන යාමට දායක විය.
පසුගිය ගිම්හානයේදී එංගලන්තයේ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වූ ඔලී රොබින්සන් කඩුලු 28 ක් දවාගනිමින් කඩුලු දවාගැනීමේ සාමාන්‍ය 19.60ක් ලෙස රඳවා ගෙන ඇත. කෙසේ වෙතත්, ඔහුගේ ආරම්භය මතභේදාත්මක එකක් විය. ලෝඩ්ස් හිදි ටෙස්ට් වරම් දිනාගත් සැනින් එක්වරම ආක්‍රමණශීලී ට්විටර් පණිවිඩ මාලාවක් මතුවීමෙන් ඔලී රොබින්සන් තරග තහනමකටද ලක්විය.
ද හන්ඩ්‍රඩ් තරගාවලියෙහි ප්‍රමුඛ ක්‍රීඩිකාවක් වූ වැන් නීකර්ක්, එම තරඟාවලියේදී ජයග්‍රහණය කරා ඕවල් ඉන්විසිබල් කණ්ඩායමට නායකත්වය දුන්නාය. එපමණක් නොව, ඇය තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමිකර ගත්තාය. වැන් නීකර්ක් ලකුණු 259 ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර පන්දු යැවීමේ දී කඩුලු 8ක් දවා ගත්තේ කඩුලු දවාගැනීමේ සාමාන්‍ය 20.00ක් ලෙස රඳවා ගනිමින්ය.
මාස 12 ක වර්ෂයක් තුළ ටෙස්ට් ලකුණු 1,708ක් රැස් කළ ජෝ රූට් වසරේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර වසරක් තුල වැඩිම ලකුණ ලබාගත් පිතිකරුවන් අතර ලොව තෙවැනි වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.
2021 වසරේ ලොව ප්‍රමුඛතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ලිසෙල් ලීලී නම් කරන ලදී. එක්දින ක්‍රිකට් තරග වලදී ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 90.28 ක් රඳවා ගෙන ඇති ඇය ඉන්දියාවට එරෙහි ඉනිම හතරකදී ලකුණු 288 ක් රැස් කළාය.
වාර්තාගත වසරක් පසුකළ මොහොමඩ් රිස්වාන් විස්සයි20 ජාත්‍යන්තර තරග 27 කදී ලකුණු 1329 ක් රැස්කරමින් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 72.88 ක් ලෙස රඳවා ගෙන ඇත. ඊට ශතකයක් සහ අර්ධ ශතක 11 ක් ඇතුළත් වූ අතර මාස 12 ක කාලයක් තුල ලකුණු 1000 සම්පූර්ණ කරමින් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එම දස්කම දැක්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.