Last Update  :  2024-12-18 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විලියම්සන් එංගලන්තය අගාධයට තල්ලු කරයි
හැමිල්ටන් ටෙස්ට් තරගය

විලියම්සන් එංගලන්තය අගාධයට තල්ලු කරයි

editorial - 2024 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත නායකයා පන්දු යවන්නන් 8 දෙනකු සේවයේ යොදවා ගත් නමුත් කේන් විලියම්සන් (152) ප්‍රමුඛ නවසීලන්ත පිතිකරුවන් පාලනය කළ නොහැකි විය. හැමිල්ටන් නුවර සෙඩාන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (16 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් නවසීලන්තය ලකුණු 453 ක් ලබාගත්තේය. 

මුල් ඉනිමේදී ලද ලකුණු 204 ක වාසියත් සමගින් මෙම තරගය ජයගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සිව්වැනි ඉනිමේදී ලකුණු 658 ක් ලබාගත යුතුව තිබේ. එහෙත් වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරා කිසිම කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී එවන් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන නැත.
 
අද සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 18 ක් ලබා සිටියේය. කඩුලු 8 ක් පමණක් අතැතිව සිටින සංචාරකයෝ තවමත් නවසීලන්තයට වඩා ලකුණු 640 ක් පසුපසින් සිටිති. තරගයේ තවත් දින දෙකක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබෙන බැවින් එංගලන්තය දැවැන්ත පරාජයක් කරා ඇදී යමින් සිටී. 

නවසීලන්ත කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 347 ක් ලබාගත් බැවින් ඕවර 97 ක් යැවූ එංගලන්ත පන්දු යවන්නෝ සිව්දෙනා හෙම්බත් වී සිටියහ. එහෙත් ඔවුනට ලැබුණේ ඕවර 35 ක, එනම් පැය දෙකකට මඳක් වැඩි විවේක කාලයක් පමණි. එංගලන්ත මුල් ඉනිම ලකුණු 143 කට සීමා වීම හේතුවෙන් ගස් ඇට්කින්සන් සහ මැතිව් පොට්ස් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන්ට නැවත වරක් පිටිය පුරා දුව ඇවිදිමින් පන්දු ඇහිලීමටත් පන්දු යැවීමටත් සිදුවිය. 

මේ අල්ලපනල්ලේ එංගලන්ත නායක බෙන් ස්ටෝක් නැවත වරක් කලව මස්පිඬුවේ ආබාධයට ලක්වීමෙන් පිටියෙන් ඉවත්ව ගියේය. නවසීලන්ත දෙවැනි ඉනිම සාර්ථක වීමටත් එංගලන්ත පන්දු යවන්නන් අසාර්ථක වීමටත් මේ තත්ත්වයන් සුවිශේෂී සාධකයක් විය. 

එයින් උපරිම ප්‍රයෝජන අත්කරගත් කේන් විලියම්සන් සහ රචින් රවීන්ද්‍ර එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් ද, විලියම්සන් සහ ඩැරිල් මිචෙල් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක් ද එකතු කළහ. ඩැරිල් මිචෙල් දැවී යාමට පෙර ලකුණු 375 ක් නවසීලන්ත ලකුණු පුවරුවට එක්වී තිබිණ. 

කේන් විලියම්සන් ලබාගත්තේ ඔහුගේ 33 වැනි ටෙස්ට් ශතකයයි. ඒ වෙනුවෙන් පන්දු 204 කට මුහුණ දුන් හිටපු නායකයා, හතරේ පහර 20 ක් සිය ඉනිමට ඇතුළත් කළ අතර 150 පසුකර ගියේ දැවැන්ත හයේ පහරකිනි. 


නවසීලන්තය - පළමු ඉනිම 347 යි
එංගලන්තය - පළමු ඉනිම 143 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම 453

(ටොම් ලෙතම් 19, විල් යංග් 60, කේන් විලියම්සන් 156, රචින් රවීන්ද්‍ර 44, ඩැරිල් මිචෙල් 60, ටොම් බ්ලන්ඩ්ල් නොදැවී 44, මිචෙල් සෑන්ට්නර් 49,  බෙන් ස්ටෝක්ස් 52/2, ෂොයිබ් බෂීර් 170/2, ජේකබ් බෙතීල් 72/3)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 18 යි

- 213


අදහස් (0)

විලියම්සන් එංගලන්තය අගාධයට තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.