Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විලියම්සන් නවසීලන්ත පිලට

විලියම්සන් නවසීලන්ත පිලට

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ නවසීලන්ත පිලේ නිත්‍ය නායක කේන් විලියම්සන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා එක්ව සිටී. විලියම්සන් නොමැතිව ක්‍රීඩා කළ  නවසීලන්ත ක්‍රීඩකයෝ එජ්බැස්ටන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබාගත් අතර තරග දෙකකින් සමන්විත වූ තරගාවලියද 1-0 ක් ලෙසින් ජයගත්හ.

වැළමිටේ ආබාධයක් හේතුවෙන් එජ්බැස්ටන් තරගයට ක්‍රීඩා නොකළ කේන් විලියම්සන් මෙන්ම පිටකොන්දේ අබාධයක් හේතුවෙන් එම තරගය මඟහැරුණු කඩුලු රකින්නා වන බී.ජේ. වොට්ලිං ද නැවතත් නවසීලන්ත කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.

“කේන් වගේම බීජේත් පසුගිය සතියේ විවේකයෙන් සිටීම නිසා සාර්ථක ප්‍රතිඵල ලබාගනු ඇතැයි අපි හිතනවා. ඒ වගේම ඒ දෙදෙනාම අවසන් මහ තරගය සඳහා සූදානමින් ඉඳීවි” යයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා පැවසීය.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය සිකුරාදා (18 වැනිදා) සදම්ප්ටන් නුවර ඒජස් බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මේ අතර ලෝක කුසලාන අවසන් මහ තරගය වෙනුවෙන්, ඉන්දීය කණ්ඩායම සඳහා රිදිමන් සහා, රවීන්ද්‍ර ජදේජා සහ හනුමා විහාරි කැඳවනු ලැබ සිටිති. ඉන්දිය පිල වෙනුවෙන් වේග පන්දු යවන්නන් වන ඉෂාන්ත් ෂර්මා, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් ෂාමි, උමේෂ් යාදව් සහ මොහොමඩ් සිරාජ් යන පස්දෙනාම කැඳවනු ලැබ සිටිති. එහෙත් රවීන්ද්‍ර ජදේජා සංචිතයට එක්වීමත් සමගම නිතැතින්ම ඔහුගේ සහාය දඟ පන්දු යවන්නා වශයෙන් රවිචන්ද්‍රන් අශ්වින් පත්වනු ඇත.

ඕස්ටේ්‍රලියාවේදී ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා සහ ෂුබ්මන් ගිල්, සදම්ප්ටන්හිදී ඩියුක් පන්දුවට මුහුණ දෙන බව ඉන්දියාව පැහැදිලිවම පවසා තිබේ.


නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොම් බ්ලන්ඩල්, ටේ‍රන්ට් බෝල්ට්, ඩෙවොන් කෝන්වේ, කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම්, මැට් හෙන්රි, කයිල් ජේමිසන්, ටොම් ලැතම්, හෙන්රි නිකල්ස්, අජාස් පතෙල්, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර්, බී.ජේ.වොට්ලිංග්, විල් යංග්.


ඉන්දීය සංචිතය
විරාට් කෝලී (නායක), අජින්ක්‍යා රහනේ (උපනායක), රෝහිත් ෂර්මා, ශූබ්මන් ගිල්, චේතේෂ්වර් පුජාරා, රිෂාබ් පාන්ට්, හනුමා විහාරී, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, රිදිමාන් සාහා, ජස්ප්‍රීට් බුම්රා, උමේෂ් යාදව්, මොහොමඩ් ශාමී, ඉෂාන්ත් ෂර්මා, මොහොමඩ් සිරාජ්.

- 213

 


අදහස් (0)

විලියම්සන් නවසීලන්ත පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.