Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා තරග 3 ක්ම සාජාහිදී
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා තරග 3 ක්ම සාජාහිදී

editorial - 2024 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යෑමෙන් අනතුරුව ඒ සඳහා නව තරග කාලසටහනක් නිකුත් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. 

එම කාලසටහනට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග වදින මූලික වටයේ තරග 4 න් 3 ක්ම සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට සිදුව තිබෙන්නේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය පමණි. 

තරගාවලියේ පළමු දිනය වන ඔක්තෝබර් 3 වැනිදා පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව 5 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිවද, 12 වැනිදා නවසීලන්තයට එරෙහිවද සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 9 වැනිදාය. 

එම තරගවලින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය පමණක් දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර සෙසු තරග 3 ම රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත. දිවා තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ටද, රාත්‍රී තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ටද ආරම්භ වීමට නියමිතය. 

තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕසටේ්‍රලියාව, පාකිස්තානය සහ නවසීලන්තය ‘ඒ’ කාණ්ඩය යටතේද, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. 

මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියාට එරෙහිව ‘බී’ කාණ්ඩයේ දෙවැනියා සාජාහිදීද, ‘බී’ කාණ්ඩයේ පළමු වැනියාට එරෙහිව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ඩුබායිහිදීද තරග බිමට පිවිසෙනු ඇත. 

පළමු අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 17 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය 18 වැනිදා සාජාහිදීද පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ ඔක්තෝබර් 20 වැනිදාය. 

ශ්‍රී ලංකාව සහභාගීවන තරග 

  • ඔක්තෝබර් 3 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජාහිදී - ප.ව. 7.30 ට 
  • ඔක්තෝබර් 5 - ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සාජාහිදී - ප.ව. 7.30 ට 
  • ඔක්තෝබර් 9 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායිහිදී - ප.ව. 7.30 ට 
  • ඔක්තෝබර් 12 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සාජාහිදී - ප.ව. 3.30 ට 

 


අදහස් (0)

ශ්‍රී ලංකා තරග 3 ක්ම සාජාහිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.