Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලිය යටතේ බුලවායෝහිදී පෙරේදා (15 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කයක් හඹාගිය ඇමරිකානු කණ්ඩායමට ඕවර 32.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ නිලකුණු ඕවරයක්ද සමග ඕවර 6 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර කසුන් රාජිත සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 392 ක් ලබාගත් අතර එහිදී ශතක ලබාගැනීමට දිමුත් කරුණාරත්න (111) සහ කුසල් මෙන්ඩිස් (105) සමත් වූහ. පන්දු 100 කදී වාර්තා වූ දිමුත්ගේ ශතකයට හතරේ පහර 15 ක් ඇතුළත් වූ අතර පන්දු 91 කට මුහුණදුන් කුසල් හයේ පහර 6 කින් සහ හතරේ පහර 7 කින් සිය ශතකය සැරසුවේය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 62 ක්ද, නායක දසුන් ශානක පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 61 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව ආසන්නයටම රැගෙන ගියහ.
ශ්‍රී ලංකාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 392
(පැතුම් නිස්සංක 25, දිමුත් කරුණාරත්න 111, කුසල් මෙන්ඩිස් 105, චරිත් අසලංක නොදැවී 62, දසුන් ශානක නොදැවී 61, සෞරබ් නෙට්‍රවොලකර් 60/2)
ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 194
(මොනාක් පටේල් 68, ඒරන් ජෝන්ස් 18, ශායන් ජහන්ගිර් නොදැවී 63, මතීෂ පතිරණ 23/4, කසුන් රාජිත 28/2, වනිඳු හසරංග 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.