Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පිලට තවත් අකරතැබ්බයක්
විස්සයි-20 ලෝක කුසලාන - 2024

ශ්‍රී ලංකා පිලට තවත් අකරතැබ්බයක්

editorial - 2024 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල් නුවර සිට..)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීම සඳහා ⁣⁣ශාන්ත ලුසියා දූපත බලා යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ගුවන් ගමන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිනකින් ප්‍රමාද විය.

නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 16 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, ෆ්ලොරිඩා වේලාවෙන් පෙරේදා (12 වැනිදා) පස්වරු 6.00 ට පමණ පෝට් ලෝඩර්ඩේල් ගුවන්⁣ තොටු⁣පොළින් ශාන්ත ලුසියා බලා පිටත්ව යෑමට නියමිතව සිටියේය.

කෙසේ වුවත් පෙරේදා අළුයම සිට නෙකඩවා ඇද හැළුණු ධාරිනිපාත වර්ෂාව හේතුවෙන් පෝට් ලෝඩර්ඩේල් ගුවන් තොටුපොළින් පිටත්වීමට නියමිතව තිබූ ⁣ගුවන්යානා රැසක් අවලංගු කර දැමුණු අතර ඇතැම් ගුවන්යානා පැය ගණනක ප්‍රමාදයකින් පසුව ගුවනගත විය.

ගුවන් තොටුපොළ අවට ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ඊට පිවිසීමේ මාර්ග අවහිර වී තිබූ අතර ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවධානමක් ඇති බවටද නිවේදනය කෙරිණ. මේ හේතුවෙන් දිනකින් ප්‍රමාද වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාන්ත ලුසියා ගමන ඊයේ (13 වැනිදා) රාත්‍රී 8.00 ට පමණ යළි පිටත්වීමට කටයුතු යොදා තිබිණ.


අදහස් (2)

ශ්‍රී ලංකා පිලට තවත් අකරතැබ්බයක්
  • Nimal 1 Saturday, 15 June 2024 12:24 PM

    මේ තරගය කෙසේ හෝ ජයගමු... එවිට අපිට ලෝක ශූරයින් විය හැකියි.

    Reply 0       0

    Piyasiri Sunday, 16 June 2024 11:22 AM

    මේ ක්‍රීඩාව දැන් අවලංගු කරන්න ඕනේ. මේවායේ කිසිම ප්‍රතිඵලයක් නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.