Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ‘ඒ’ පිල අවසන් සටනට
නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන - 2024

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අවසන් සටනට

editorial - 2024 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රි ලංකා 'ඒ' කණ්ඩායම සමත් විය. ඒ  ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී පාකිස්තාන 'ඒ' කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ  ඕවර 16.3 අවසානයේ කඩුලු 3 ක් ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ අහන් වික්‍රමසිංහ පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ළහිරු උදාර (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අහන් සමත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ ළහිරුගේ වේගවත් ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබාගත් අතර පාකිස්තාන ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඔමේර් යූසෆ් පන්දු 46 කින් ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ දුෂාන් හේමන්ත සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. පාකිස්තාන 'ඒ' කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දුෂාන්ට අනගි සහායක් දුන් නිපුන් රංසික සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් දවාගත්හ.

 

පාකිස්තාන ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135 
(ඔමේර් යූසෆ් 68, හයිඩර් අලී 14, දුෂාන් හේමන්ත 21/4, නිපුන් රංසික 21/2, ඒෂාන් මාලිංග 28/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 16.3 කදී කඩුලු 3 ක් දැවී 137
(ළහිරු උදාර 43, අහන් වික්‍රමසිංහ නොදැවී 52, සහන් ආරච්චිගේ නොදැවී 17)


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.