Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සකිබ් අල් හසන් ලෝක කුසලාන සංචිතයට

සකිබ් අල් හසන් ලෝක කුසලාන සංචිතයට

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෑත කාලයේදී මහත් ආන්දෝලනාත්මක සිදුවීම් රැසකටම මුහුණ දුන් නමුත්  විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද බංග්ලාදේශ සංචිතයට සකිබ් අල් හසන් ඇතුළත් කර තිබේ. විනිසුරු තීරණවලට විරෝධය පෑම, කඩුල්ලට පයින් ගැසීම ආදී විනය විරෝධී හැසිරීම් හේතුවෙන් සකිබ්ට තරග කිහිපයක තහනමක් ද පැනවිණ. 

කෙසේ වෙතත් බංග්ලාදේශය සතුව සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන සකිබ් අල් හසන් කණ්ඩායමට එක් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  වේග පන්දු යවන ක්‍රීඩක රුබෙල් ‍හොසේන් සංචිතයෙන් ඉවත් කර තිබේ.  මේ වන විට 31 වැනි වියේ පසුවන හොසේන් බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි20 තරග 28 කදී දවාගෙන ඇත්තේ කඩුලු 28 කි. 

මහමදුල්ලා රියාද් නායකත්වය දරන බංග්ලාදේශ සංචිතයේ ආරම්භක පිතිකරුවන් ලෙස සෞම්‍ය සාකර් සහ ලිටන් දාස් කටයුතු කිරීමට නියමිතය. නායක මහමදුල්ලා සමගින්‍ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරනු ඇත. නුරුල් හසන් අතිරේක කඩුලු රකින්නා ලෙස සංචිතයට එක්ව සිටියි.

 වමතින් මඳ වේග පන්දු යවන මුස්තෆිසුර් රහමන් සහ ෂොරිෆුල් ඉස්ලාම්ද, දකුණතින් මඳ වේග පන්දු යවන ටස්කින් අහමඩ් සහ මොහොමඩ් ශයිෆුඩීන්ද බංග්ලාදේශ සංචිතයේ වේග පන්දු බලඇණිය ශක්තිමක් කරති. වමතින් පන්දුවට පහරදෙන සයිෆුඩීන් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසද සැලකිය හැකිය.

බංග්ලාදේශ සංචිතය දඟ පන්දු යවන්නන් සිවු දෙ‍නකුගෙන් සමන්විත වන අතර ඊට පිට දඟ පන්දු යවන්නෝ තිදෙනෙක් සහ එක් වමත් දඟ පන්දු යවන්නෙක් ඇතුළත් වෙති. මෙහෙදි හසන්, අෆී‍ෆ් හොසේන් සහ ශමීම් හොසේන් පිට දඟ පන්දු යවන්නන් ලෙසද, නසූම් අහමඩ් වමතින් දඟ පන්දු යවන්නකු ලෙසද කටයුතු කරති.

බංග්ලා‍දේශ ලෝක කුසලාන සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, සෞම්‍ය සාකර්, ලිටන් දාස්, අෆී‍ෆ් හොසේන්, මොහොමඩ් නයීම්, නුරුල් හසන්, ශමීම් හොසේන්, මුස්ටෆිසුර් රහමන්, ටස්කින් අහමඩ්, මොහොමඩ් සයිෆුඩීන්,‍ ෂොරිෆුල් ඉස්ලාම්, මෙහෙදි හසන් සහ නසූම් අහමඩ්

අතිරේක ක්‍රීඩකයෝ
අමිනුල් ඉස්ලාම් සහ රුබෙල් හොසේන්

-036


අදහස් (0)

සකිබ් අල් හසන් ලෝක කුසලාන සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.