Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සම්ජානා නේපාල කාන්තා පිල දිනවයි
කාන්තා ආසියානු කුසලාන - 2024

සම්ජානා නේපාල කාන්තා පිල දිනවයි

editorial - 2024 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස එක්සත් අරාබි එමීර් කාන්තා පිල සහ නේපාල කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නේපාල කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය නේපාල ක්‍රීඩිකාවෝ ඕවර 16.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සම්ජානා ඛද්කා පන්දු 45 කදී හතර් පහර 11 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ කුෂී ශර්මා පන්දු 39 කදී ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. 

එහිදී ශ්‍රී ලංකා සම්භවයක් ඇති කවීෂා එගොඩගේ පන්දු 26 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් රැස්කළාය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉන්දු බර්මා සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූවාය. කබීතා ජෝෂි, ක්‍රිතිකා මරසිනි සහ ශබ්නම් රායි කඩුල්ල බැගින් දවාගත්හ. 


එක්සත් අරාබි එමීර් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 115 
(කවීෂා එගොඩගේ 22, කුෂී ශර්මා 36, ඉන්දු බර්මා 19/3) 

නේපාල කාන්තා පිල - ඕවර 16.1 කදී කඩුලු 4 කට 118 
(සම්ජානා ඛද්කා නොදැවී 72, කවීෂා එගොඩගේ 12/3) 

-036 


අදහස් (0)

සම්ජානා නේපාල කාන්තා පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.