Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්ටෝක්ස්ට තරගාවලියම අහිමි වෙයි
එංගලන්ත සංචාරය

ස්ටෝක්ස්ට තරගාවලියම අහිමි වෙයි

editorial - 2024 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ කලව පසුපස මස්පිඬුවක් ඉරියාම නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත සම්පූර්ණ ටෙස්ට් තරගාවලියම බෙන් ස්ටෝක්ස්ට අහිමි වන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. 33 හැවිරිදි එංගලන්ත නායකයා පසුගිය ඉරිදා (11 වැනිදා) ද හන්ඩ්‍රඞ් තරගයකට සහභාගි වෙමින් සිටියදි පාදයේ කලව පසුපස මස්පිඬුව ඉරි යාමේ ආබාධයට මුහුණ දුන්නේය. 

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ස්ටෝක්ස් වෙනුවට එංගලන්ත නායකත්වය දැරීම සඳහා ඔලී පෝප් කැඳවා තිබේ. කෙසේ වෙතත් ස්ටෝක්ස්ගෙන් හිස්වූ ස්ථානය සඳහා එංගලන්ත සංචිතයට වෙනත් ක්‍රීඩකයකු කැඳවා නැත. 

මේ අතර එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි ද පන්දු රැකීමේදී ඇඟිල්ලක අස්ථියක් බිඳගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටී. නවක වේග පන්දු යවන්නකු වන ඩිලන් පෙනින්ග්ටන් පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් පැත්තකට වී සිටී. 

ස්ටෝක්ස් මේ වන විට කිහිලිකරු ආධාරයෙන් ගමන් කරයි. 

එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඞ්’ තරගාවලියේදී බෙන් ස්ටෝක්ස් නොදර්න් සුපර්චාජර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය. පසුගිය ඉරිදා පැවැති තරගයේදී ලකුණක් කරා දිවයාමෙන් පසුව තම කලව මස්පිඬුව අල්ලාගත් බෙන් ස්ටෝක්ස් එතැන් සිට ක්‍රීඩාගාරයට ගියේ කණ්ඩායම් සගයින්ගේ ආධාරයෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අහිමි වන නමුත් ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වන පාකිස්තානු සංචාරයට එක්වීමට ස්ටෝක්ස් බලාපොරොත්තු වෙයි. 

පසුගිය නොවැම්බරයේදී දණහිසේ ශල්‍යකර්මයකට මුහුණ දුන් ස්ටෝක්ස් ඇමරිකා එක්සත් ජනපදයේදී සහ කැරීබියන් දූපත් සමූහයේදී පැවති ලෝක කුසලාන තරගාවලියත් මඟහැරියේ ටෙස්ට් තරගාවලියේදී සාර්ථක තුන් ඉරියව් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තුවෙනි. කොදෙව් පිලට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලකුණු 192 ක් සහ කඩුලු 5 ක් දවාගත් ස්ටෝක්ස් එම තරගාවලියේදී 3-0 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. 

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයෙදී ආරම්භ වෙයි.  

- 213


අදහස් (0)

ස්ටෝක්ස්ට තරගාවලියම අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.