Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසයේ නවතම බලපෑම හේතුවෙන් නවසීන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවර අද (28 වැනිදා) සිට දින 7 කට අගුළු දමා තිබේ. මෙම අගුළු දැමීම හේතුවෙන් ලබන සිකුරාදා (5 වැනිදා) ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ සිව්වැනි විස්සයි-20 තරගය වෙලින්ටන් නුවරට මාරු කර තිබේ.
වෙලින්ටන් නුවරදී වුවද, මෙම තරගය ප්‍රේක්‍ෂකයන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබේ. තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී පළමු තරග දෙකම ජයගත් නවසීලන්තය 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.
ප්‍රේක්‍ෂකයන්ට ක්‍රීඩාංගණ වලට ඇතුළු වීමට නොදෙන බැවින් ප්‍රවේශපත් මිලදී ගත් සියලු දෙනාටම ඒ වෙනුවෙන් මුදල් ගෙවන බවද නවසීලන්ත ක්‍රිකට් ආයතනය කියයි.
නවසීලන්තයේ නවතම කොරෝනා රෝගියා හමුවීමත්, ඔහුට වයිරසය අසාදනය වූ මාර්ගය සොයාගත නොහැකිවීමත් නිසා ඕක්ලන්ඩ් නුවරට අගුළු දැමීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් මහත්මිය තීරණය කළාය. මෙම තීරණයත් සමගින් නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලියටද බලපෑමක් ඇතිවී තිබේ.
කෙසේ වෙතත් කාන්තා කණ්ඩායම් අතර ලබන බදාදා වෙලින්ටන් හිදී පැවැත්වීමට නියමිත තරග දෙකම, ප්‍රේක්‍ෂකයන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.