Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසයේ 18 වැනිදා ආරම්භ වීමට නියමිත කැරිබියානු ප්‍රිමියර් ලීග් (සීපීඑල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනකුටම අනුමැතිය දීම ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. දසුන් ශානක සහ භානුක රාජපක්ෂ මෙම ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.
අවිෂ්ක ප්‍රනාන්දු සහ වනීදු හසරංග දෙදෙනා ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුටද සී.පී.එල්. තරගාවලියට සහභාගි වන ලෙස ආරාධනා ලැබී ඇති නමුත් එම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කිසිවකු අවසර ඉල්ලා නොසිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් පැවසීය.
“ක්‍රීඩකයනුත් ඉන්නේ කොයි වෙලාවේ පිට්ටනියට බහින්නද කියලා බලාගෙන තමයි. ඒත් කොරෝනා ප්‍රශ්නය තවමත් හරියට නිරාකරණය වෙලා නෑ. අනෙක බටහිර ඉන්දීය දූපත් වෙත යන්න ගුවන් ගමන් කිහිපයක්ම ගන්න වෙනවා... ඒ නිසා මේ වෙලාවේ ඒ වගේ දේකට අවසර දෙන්න බෑ“
“මේ ක්‍රීඩකයන්ට කළමණාකරුවන් සිටිනවා. ඒ අය මේ වගේ කොන්ත්‍රාත්තු ගෙන්නේ ක්‍රීඩකයන්ට වගේම එයාලටත් ගතමනාවක් හොයාගන්න. ඒත් මේක අවදානම් අවස්ථාවක්“ යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිසිවකු ඒ සඳහා තෝරා නොගැනිණ. එතැනදී කැරිබියානු ප්‍රිමියර් ලීග් සංවිධායකන්ගේ අරමුණ වූයේ ඉන්දීය ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමයි.
කෙසේ වෙතත් ඉන්දීයානු ක්‍රීඩකයන් මෙන්ම ලෝකයේ අනෙක් රටවල ක්‍රීඩකයන්ද බටහිර ඉන්දීය දූපත් බලා යාමට මැළිවන අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආරාධනා කෙරී තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහාත් මෙම ක්‍රීඩකයන් සිටිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.