Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලියෙන්ද කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ වනවිට පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භයට පෙර ජෛව ආරක්‍ෂිත නියමන් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම ක්‍රීඩකයන් තිදෙනාට ඊයේ (29 වැනිදා) නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදු විය.
කොවිඩ් -19 නියමයන් පණවා තිබියදීත් ඔවුන් නවාතැන් ගත් හෝටලයෙන් පිටව ගියේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් කිරීමට නියමිතව ඇති බවත් ඔවුන්ගේ අනිවාර්ය සති දෙකක නිරෝධායනයෙන් පසුව එය ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පවසති. එබැවින් කුසල්, දික්වැල්ල සහ ගුණතිලක තිදෙනාටම ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියට එක්විය නොහැකි වනු ඇත.
ශීකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. එම කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් පැවැත්වේ. මෙම තරගාවලිය ජූලි 13 සිට ජූලි 25 දක්වා පැවැත්වේ.
“ඔවුන්ගේ ගිවිසුමට අනුව කොවිඩ් - 19 නියමනන් උල්ලංඝනය කිරීම් වලට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට අවම වශයෙන් වසරක තරග තහනමක් ලැබීමට ඉඩ තියෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීයෙක් පැවසීය
එක්දින තරගාවලියට පෙර කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ඩර්හැම්හි වීදියක සිටින අයුරු සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවකින් දැකගත හැකි විය. පසුව කොවිඩ් - 19 නියමනන් උල්ලංඝනය කරමින් ඔවුන් සමගින් ධණුෂ්ක ගුණතිලක එක්වන දෙවැනි වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාලය තුල හුවමාරු විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.