Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹදී ඊයේ (31 වැනිදා) පැවැති පුහුණු සැසියකදී දකුණු අප්‍රිකාණු ක්‍රීඩක බියුරන් හෙන්ඩ්‍රික්ස්ගේ හිසේ පන්දුවක් වැදීමෙන් පසුව සිදුකරන ලද ප්‍රකම්පන පරීක්ෂණයෙන් ඔහුට බරපතළ ආබාධයක් නැති බව තහවුරු වී තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩක ඞ්වේන් ප්රිටෝරියස්ට පන්දුවට පහර දීම පුහුණුවීම සඳහා බියුරන් හෙන්ඩ්‍රික්ස් විසින් විසිකරන ලද පන්දුවකට ප්‍රිටෝරියස් ගැසූ පහරකින් වේගෙන් ඇදී ආ පන්දුව බියුරන්ගේ ඇස අසළ වැදී ඇති තිබේ. එම පහරින් ඇතිවූ තුවාලය වසා දැමීමට මැහුම් 8 ක් යොදා ඇත.
කොළඹ එස්.එස්.සී. පිටියේදී මෙම පුහුණු සැසිය පැවැත්විණ,
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහ තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. සියලුම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
“පුහුණු කඳවුරේ පළමු දිනයේදී, සෑම කෙනෙකුම එහි සිටින්නේ මහත් කළබලයෙන්. සෑම කෙනෙකුම තමන්ගේ හැකියාවන් මුවහත් කර ගැනීමට කාර්යබහුල වෙලා හිටියේ,”
“මමත් පන්දු යැවීම අතරමගදී අවසන් කළ නිසා යම් ආකාරයක උදව්වක් කිරීමට මට අමතර කාලයක් තිබුණා. ඒ නිසා මම පුහුණු දැල වෙත ගොස් ඩ්වේන් ප්‍රිටෝරියස් සහ තවත් කිහිප දෙනෙකු වෙත පන්දුව විසි කළා. මම පන්දුව විසි කරමින් සිටියදී සමහර අයට අවශ්‍ය වූයේ මෙහි තිබෙන තත්වයන්ට හැඩ ගැහෙමින් දඟ පන්දු යවන්නන්ට සූදානම් වීමටයි. පැහැදිලිවම ඩ්වේන් ද එහි සිටියේ දැඩි කළබලයකින්” යයි හෙන්ඩ්‍රික්ස් පසුව පැවසීය.
“අපි දන්නවා ඞ්වේන් පන්දුවට තදින් පන්දුවට පහර දෙන කෙනෙක් කියලා. මම ටිකක් ඉහළින්, තරමක් පැත්තට යන විදිහටත් පන්දුව විසි කළා. ඒත් ඩ්වේන් ගැසූ පහරින් පන්දුව ආපසු කෙලින්ම මා දෙසට ආවා. මගේ අත ගන්න උත්සාහ කළත් ඇඟිලි වල ගැටුණු පන්දුව ඇහැ ආසන්නයේ වැදුණා”
“මම බිම වාඩිවුනා. පැහැදිලිවම සෑම දෙනාටම තිගැස්මක් තිබුණා. ඒත් මට හොඳින් දැනුණා වැඩි කරකැවිල්ලක් හෝ කලන්තේ ගතියක් නැහැ කියලා... වෛද්‍යවරයා විසින් ප්‍රකම්පන සඳහා පරීක්ෂණයක් කළා, වාසනාවකට මෙන් බෝලය මට තදින් වැදිලා නැහැ, ඒකෙන් මම නිදහස් වුනා” යයි කී හෙන්රික්ස්...
“කොහොම වුණත් සංචාරයේ පළමු දිනයේදී මට මැහුම් අටක් දමා ගැනීමට සිදු වුණා. සුළු අපහසුතාවයකට පත්වුණත්, වාසනාවකට මෙන් එය සිදු වූයේ පළමු දිනයේ මිස තරගාවලියේ මැදදී නොවීම ගැන ඉතා සතුටුයි. තත්වයෙන් මිදුණත් මෙම සංචාරය මට කිසිදා අමතක වෙන්නේ නෑ” යැයි හෙන්ඩි්රක්ස් වැඩිදුරටත් පැවසීය.
දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය අනුව එක්දින තරග සඳහා එක්වීමට හෙන්ඩ්රික්ස්ට දැඩි තරඟයකට මුහුණ දීමට සිදුවේ. කගිසෝ රබාඩා, ඇන්රිච් නොයේ, ජුනීයර් ඩාලා සහ ලීසාඞ් විලියම්ස් සෙසු වේගපන්දු යවන්නන් ලෙස කටයුතු කරන අතර වේග පන්දු යැවීමේ හැකියාවෙන් යුත් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ප්‍රිටෝරියස්, ඇන්ඩිල් පෙලුක්වායෝ සහ වියාන් මල්ඩර්ද සංචිතයේ සිටිති.
2014 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමෙන් පසු එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩාකර ඇති හෙන්ඩ්‍රික්ස් එක්දින තරග අටක් සහ විස්සයි20 තරග 19 ක් ක්‍රීඩාකර ඇත.
“මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සිහිනයක්. මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා, ඒ වෙනුවෙන් මම ඉවසීමෙන් බලා ඉන්නවා” යනුවෙන් හෙන්ඩ්‍රික්ස් අවස්ථා කිහිපයකදී පවසා ඇත.
”මම මේ මට්ටමේ සිටින විට කිසිවක් සුළු කොට සලකන්නේ නෑ. මම මේ මට්ටමේ සිටින විට මගේ පූර්ණ අවධානය සහ පූර්ණ ජවය ලබා ගැනීමට මම වග බලා ගන්නවා”
“තිරය පිටුපස සිදු වන දේ මගේ පාලනයෙන් තොරයි. මම හොඳින් සූදානම් වී ඇති බවට වග බලා ගත යුතුයි, සංචාරය සඳහා පැමිණි විට මම සම්පූර්ණ යෝග්‍යතාවයෙන් පසුවෙනවා. මම සමහර අයට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි”
”පැහැදිලිවම මෙහි සිටීම විශාල වරප්‍රසාදයක්. වසර ගණනාවක් ගෙවී යද්දී එය බලාපොරොත්තු සුන් කරවන සුළුයි. එය ඔබේ මනසට බලපායි, නමුත් ඔබේ කෙළවරේ නිවැරදි පුද්ගලයින් සිටී නම් ඔබ ධනාත්මකව සිටින අතර ඔබ මෙම මට්ටම ගැන අවධානයෙන් සිටින්න” යයිද බියුරන් හෙන්ඩ්‍රික්ස් පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.