Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 19 න් පහළ පුහුණු කඳවුර දින 22 ක්

19 න් පහළ පුහුණු කඳවුර දින 22 ක්

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය, වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සහ ඉදිරි සංචාර අරමුණු කරගනිමින් තෝරාගත් ක්‍රීඩකයින් 26 දෙනා සඳහා නේවාසික පුහුණු කඳවුරක් අද (9 වැනිදා) සිට ආරම්භ විය. දින 22 පුරා පැවැත්වෙන මෙම පුහුණු කඳවුර ජෛව ආරක්‍ෂිත පරිසරයක් යටතේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරුණයින් සඳහා නිපුණතා පුහුණුව, ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ක්‍රියාකාරකම් සමගින් තරග අවස්ථාද හිමිවන අතර ඕවර 50 තරග තුනක් ක්‍රීඩා කරමින් කඳවුර අවසන් කරනු ඇත. මෙම පුහුණු කඳවුර අතරතුර ක්‍රීඩකයින් ක්ෂේත්‍රයේ අවධානයට අමතරව පුද්ගලික සංවර්ධන කටයුතු සඳහා ද සහභාගී කරවිමට නියමිතව ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ දීපව්‍යාප්ත කුසලතා වැඩසටහන් හරහා තෝරාගත් ක්‍රීඩකයින් 75 දෙනකුගෙන් යුත් සංචිතයකින් අවසන් ක්‍රීඩකයන් 26 දෙනා තෝරාගනු ලැබිණ. මෙම ක්‍රීඩකයන් කණිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලදී. අවසන් ක්‍රීඩකයින් 26 දෙනා තෝරා ගැනීමට පෙර ක්‍රීඩකයින් 75 දෙනා මහනුවරදී නේවාසික පුහුණු වැඩසටහනකටද සහභාගී වූහ.

වයස 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන මහතා කටයුතු කරයි. උපුල් චන්දන (පන්දු රැකීම), චමිල ගමගේ (වේග පන්දු යැවීම), සචිත් පතිරණ (දඟ පන්දු යැවීම) සහ ධම්මික සුදර්ශන (පිතිහරඹ) යන මහත්වරු සහාය පුහුණු කාර්ය මණ්ඩලය වශයෙන් අද ආරම්භවූ නේවාසික පුහුණු වැඩසටහනට එක්ව සිටිති. 

- 2079


අදහස් (0)

19 න් පහළ පුහුණු කඳවුර දින 22 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.