Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 2009 - පාකිස්තානයට පැරදුණු ශ්‍රී ලංකාවට අනු ශූරතාව
වි-20 ලෝක කුසලාන ඉතිහාසය

2009 - පාකිස්තානයට පැරදුණු ශ්‍රී ලංකාවට අනු ශූරතාව

editorial - 2024 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි දිගහැරුම එංගලන්තයේ සත්කාරකත්වය යටතේ 2009 වසරේදී කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් පැවැත්විණ. ලන්ඩන් නුවර ලෝඞ්ස්, ඕවල් සහ නොටිංහැම් නුවර ටේ‍රන්ට් බි්‍රජ් යන ක්‍රීඩාංගණවලදී පැවැති මෙම තරගාවලියද 2007 වසරේදී පැවැති තරගාවලිය මෙන්ම තරග 27 කින් සමන්විත විය. 

මූලික වටය සහ සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබමින් පාකිස්තානය අවසන් තරගයට පිවිසි අතර ශ්‍රී ලංකාව අවසන් තරගයට පිවිසියේ කොදෙව්වන්ට එරෙහිව ලකුණු 57 ක ජයක් ලබමිනි. 

2007 වසරේ අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වෙමින් අනු ශූරතාවෙන් සෑහීමකට පත්වූ පාකිස්තානය, මෙම තරගාවලියේදී ශූරතාවට හිමිකම් කීමට සමත් වූයේ අවසන් මහ තරගයේදී කුමර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්නද, අබ්දුල් රසාක් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ හිස එසවූ එකම පිතිකරුවා වූ සංගක්කාර පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානුවෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. සිය කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගිය සහීඞ් අෆ්රිඩි හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 40 කින් නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් තරගයේ වීරයා බවටද පත් විය. අර්ධ ශතක 3 ක් සමග ලකුණු 317 ක් රැස්කළ තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. 


(සටහන - ශානුක අරවින්ද) 


අදහස් (0)

2009 - පාකිස්තානයට පැරදුණු ශ්‍රී ලංකාවට අනු ශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.