Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 2010 - එංගලන්ත ක්‍රීඩකයෝ කැන්ගරුවන් දඩයම් කරති
විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසය

2010 - එංගලන්ත ක්‍රීඩකයෝ කැන්ගරුවන් දඩයම් කරති

editorial - 2024 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර 2010 වසරේ අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 16 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වන ශාන්ත ලුසියා, බාබඩෝස් සහ ගයානා යන රටවලදී පැවැත්විණ. මෙම තරගාවලියද පළමු ලෝක කුසලාන තරගාවලි දෙක පැවැති ආකෘතියටම කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් පැවැති අතර ඊට තරග 27 ක් ඇතුළත් විය. 

විස්සයි-20 ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 10 ඍජුවම තරගාවලියට සුදුසුකම් ලබද්දී, ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය ඊට සුදුසුකම් ලබාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත් වෙමිනි. 

මූලික වටයේ තරග 12 ක් සහ සුපිරි 8 දෙනාගේ වටයේ තරග 12 ක් අවසානයේ එංගලන්තය, ශ්‍රී ලංකාව, ඕස්ටේ්‍රලියාව සහ පාකිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබමින් එංගලන්තයත්, පාකිස්තානයට එරෙහිව කඩුලු 3 ක ජයක් ලබමින් ඕස්ටේ්‍රලියාවත් අවසන් තරගයේ ස්ථාන වෙන්කරවා ගත්තේය. 

ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිම ප්‍රතිවාදීන් ලෙස සැලෙන එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව මැයි මස 16 වැනිදා බාබඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරගයට අවතීර්ණ විය. කාසියේ වාසිය දිනූ එංගලන්තය, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ටේ්‍රලියාවට ආරාධනා කර සිටි අතර ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ඔවුන්  ලබාගත් ලකුණු 147, ඕවර 3 ක් ඉතිරිව තිබියදී හඹා යමින් විස්සයි-20 ලෝක ශූරයන් බවට පත් විය. 

ඕස්ටේ්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඬේවිඞ් හසී පන්දු 54 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 59 ක් රැස්කළ අතර ඊට නෙදෙවෙනි පිතිහරඹයක නිරත වූ එංගලන්ත ආරම්භක පිතිකරු ක්‍රේග් කීස්වෙටර් පන්දු 49 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 63 ක් රැස්කළේය.
 
තරග 6 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 62 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 248 ක් රැස්කළ එංගලන්ත මුල් පෙළ පිතිකරු කෙවින් පීටර්සන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 302 ක් ලබාගත් මහේල ජයවර්ධන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටත්, කඩුලු 14 ක් දවාගත් ඕස්ටේ්‍රලියාවේ ඩර්ක් නැනස් වැඩිම කඩුලු ලාභියා බවටත් පත්වූහ. 

සටහන - ශානුක අරවින්ද 


අදහස් (0)

2010 - එංගලන්ත ක්‍රීඩකයෝ කැන්ගරුවන් දඩයම් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.